(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
රුපියල් කෝටි දෙසීයකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු හා මිලි මීටර් නවය වර්ගයේ නවීන පන්නයේ පිස්තෝල සමඟ බණ්ඩාරගම ගැලණිගම නිවසකදී අත්අඩංගුවට ගත් සැකකාරියන් දෙදෙනා සහ සැකකරු පානදුර වැඩබලන මහෙස්ත්‍රාත් රමනී ද සේරම් මහත්මිය හමුවට ඉදිරිපත් කර දිනහතක කාලයක් රඳවා ප්‍රශ්න කිරීමට පොලීසිය අවසර දුන්නේය.
පොකුණුවිට, මීමන , එකමුතු මාවතේ පදිංචි තිදෙනෙකි.
මොවුන් සමඟ මත්කුඩු කිලෝ 192 ක් සහ පාකිස්තානය, ඇමෙරිකාව,ඔස්ට්‍රේලියාවේ නිශ්පාධිත පිස්තෝල 19 ක් සහ මැගසින් ගිනි අවි 19 ක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබිණි.
COMMENTS
කෝටි දෙකද කෝටි දෙසීයද?
කොහොම හරි කමක් නෑ මිට සම්බන්ධ මහ මොළකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි ඉක්මනින් කටයුතු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.