(ඉන්දිකා රාමනායක)
කොළඹ ලැගුම්හල් වල කාමර කුලියට ලබාගෙන ඒවා තුළ සිට මත්කුඩු පැකට් කර අලෙවි කරන පුද්ගලයන් දෙදෙනකු මරදානේ දී විශේෂ කාර්ය බලකායේ බට කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.
මොවුන් කොටුව, මාලිගාවත්ත ,මරදාන ඇතුළු තදාසන්න ප‍්‍රදේශ පිහිටි ලැගුම්හල් වලින් කාමර ලබාගෙන ඒවා තුළ සිට මත්කඩු හා මත්ද්‍රව්‍ය පැකට් කරන බවට ලැබුණු තොතුර මත ඊයේ (28) සවස 6.00 පමණ මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සතුව හොරොයින් ග‍්‍රෑම් 4 ක්, අයිස් ග‍්‍රෑම් 10 ක්, හෂීස් ග‍්‍රෑම් 2 යි මිලිග‍්‍රෑම් 580 ක් තිබු බව විශේෂ කාර්ය බලකාය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd