( ඩී.කේ.රත්න )
හපුතලේ රෝහලේ වෛද්‍යවරයෙකුට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ පෞද්ගලික බස් රථයක සේවකයින් දෙදෙනා බණ්ඩාරවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පෙබරවාරි 6 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන්නැයි බණ්ඩාරවෙල මහේස්ත‍්‍රාත් කීර්ති කුඹුරේහේන මහතා අද (29) නියෝග කළේය.
පෞද්ගලික බස් රථයේ රියදුරු ලෙස සේවයේ නියුතුව සිටි ඉදල්ගස්හින්න බෝවවත්ත අංක 20 ලිපිනයේ පදිංචි අයියසාමි සුබ‍්‍රමනියම් සහ එම බස් රථයේ කොන්දොස්තර වශයෙන් සේවයේ නියුතුව සිටි ඉදල්ගස්හින්න බෝවවත්ත අංක 06 ලිපිනයේ පදිංචි ක‍්‍රිෂාන් මූර්ති සුරේශ් කුමාර් නැමති අය මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කළේය.
හපුතලේ රෝහලට අනුයුක්තව සේවයේ යෙදී සිටි කසුන් උදාරංග නැමති වෛද්‍යවරයෙකු සිය මෝටර් රථයෙන් හපුතලේ බෝවවත්ත මාර්ගයේ යමින් සිටියදී පෞද්ගලික බස් රථයට ඉඩදීම සම්බන්ධයෙන් ඇතිවූ කතා බහකදී තංගමලේ රෝහල අසලදී මෙම වෛද්‍යවරයාට පහරදී ඇතයි හපුතලේ පොලීසිය පවසයි.
පහරකෑමට ලක්වූ වෛද්‍යවරයා හපුතලේ දිසා රෝහලට ඇතුළත් කර තිබේ.
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
868
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2501
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
වෛද්‍යවරයාට පහරදුන් පෞද්ගලික බස් සේවකයින් දෙදෙනා රිමාන්ඩ්