IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


‘මියන් කුමාර’ට කෘෘර ලෙස සැලකීම ගැන පරීක්ෂණයක්

(තිළිණි ද සිල්වා)


මියන්මාර රජය විසින් මෙරට බෞද්ධ විහාරස්ථානයකට මීට වසර 6කට පෙර පරිත්‍යාග කළ ‘මියන් කුමාර ‘ හස්තියාට කෘර ලෙස සැළකුවා යැයි කිය සිද්ධිය සම්බන්ධයෙන් නිසි පරික්ෂණයක් පවත්වා, පසුව ඒ ගැන එරට රජය දැනුම් දීමට කටයුතු කරන බව විදේශ සබදතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (30) පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසට මියන්මාර රජය ශ්‍රී ලංකාවේ පිහිටි  මියන්මාර තානාපති කාර්යාල හරහා විදේශ සබදතා අමාත්‍යාංශයට නිල වශයෙන් දැනුම් දුන් බවත් ද අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කීවේය.

ඒ අනුව ප්‍රථමයෙන් එම හස්තියාට නොසැලකීම  සිද්ධිය සම්බන්ධයෙන් පරිසර හා වනජීවි අමාත්‍යාංශය සහ  බුද්ධ ශාසන අමාත්‍යාංශ  හරහා ඒ ගැන නිසි ලෙස සොයා බලා කරුණු තහවුරු කර ගැනීමට කටයුතු කරන බවත් , ඉන්පසුව ඒ සම්බන්ධයෙන් මියන්මාර තානාපති කාර්යාලයට වාර්තාවක් ලබා දීමට කටයුතු කරන බවද විදේශ සබදතා අමාත්‍යවරයා කියා සිටියේය.

මේ අතර විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කරනු ලැබුවේ තම රජය විසින් මෙරට බෞද්ධ විහාරස්ථානයකට පරිත්‍යාග කළ ‘මියන් කුමාර‘ නැමැති හස්තියාට කෘර ලෙස සැළකීම නවත්වන්නැයි ඉල්ලමින් මියන්මාර තානාපති කාර්යාලය විසින් මේ සතියේ ඉදිරිපත් කළ කාරණය සම්බන්ධයෙන් අමාත්‍යාංශය මට්ටමින් නිසි ලෙස සොයා බලා කරුණු දක්වන්නැයි බුද්ධ ශාසන අමාත්‍යාංශයට දැනුම් දුන් බවයි.

වසර 6 කට පෙර තම රජය විසින් මෙරට බෞද්ධ විහාරස්ථානයකට පරිත්‍යාග කළ ‘ මියන් කුමාර නැමැති හස්තියාට කෘර ලෙස සැලකීම නවත්වන්නැයි ඉල්ලමින් මියන්මාරය නිල වශයෙන් ශ්‍රී ලංකාවට දැනුම් දී ඇතැයි මියන්මාර විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිවේදනයක් උපුටා දක්වමින් මියන්මාර ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබිණි. 



අදහස් (5)

‘මියන් කුමාර’ට කෘෘර ලෙස සැලකීම ගැන පරීක්ෂණයක්

janahitha Friday, 31 January 2020 02:42 AM

මෙයට විරුද්ධව ජාත්‍යන්තර මට්ටමේ විරෝධතාවයක් ගොඩනගා, ආගමික ස්ථානවලට සතුන් ලබාදීම සහ මිනිසුන් මෙන් ක්‍රියාකිරීමට සහ සිතීමට සතුන් බලෙන් පරිණාමය කිරීමට මෝඩ සහ කෘර අර්ධ පරිණාමිත මිනිසුන්ට භාර දීම නවතා දැමිය යුතුය. දේශපාලුවන්ට කඩේ යාමට සන්තෝෂම් ලෙස වන සතුන් යොදා ගැනීම මිලේච්ඡත්වය ප්‍රදර්ශනය කිරීමකි.

:       0       0

lalithm Friday, 31 January 2020 02:56 AM

ලැජ්ජයි. හිරිකිතයි. අහෝ!!! පන්සල්වලට ගිය කලක්.

:       0       0

Akila Friday, 31 January 2020 03:11 AM

හොඳ වැඩේ. මිට පස්සේ ලංකාවට වෙනත් රටවල් වලින් ඇතුන්ව දෙන එකත් මේකෙන්ම නවතීයි. එත් පව්. ලංකවේ වනාන්තර වලින් අල්ලාගෙන විහාරස්ථාන, දේවාල වල තියන් ඉන්න ඇත් පැටවුන්ගේ ඉරණම ගැන හොයල බලන්න කවුරුත් නැහැ.

:       0       0

Mahee Friday, 31 January 2020 03:18 AM

මේ රටේ සැලකුම් ලබන්නේ රජ පවුල්වල කුමාරවරුන් පමණකි. අනික් කුමාරවරු මියන් කුමාරයාට සමානය.

:       0       0

chandra weerasinghe Friday, 31 January 2020 04:37 AM

මියන්මාරය අපේ රටරටත් වැඩියෙන් බැතිමතුන්, බොදු ජනතාව සිටින රටක්. ඔවුන්ගේ ජාතික ඇඳුම පවා අපේ සිංහල අය අඳින සරම හා රෙද්ද හැට්ටයයි. මොවුන් ශ්‍රී ලාංකිකයන්ට එහි ගිය විට විශේෂ අනුග්‍රහයන් දක්වනවා. මෙම හස්තියාට මෙසේ සැළකීම අහස පොලොව නුහුලන අපරාධයක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 868 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2501 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site