IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


වැටලීම් වලදී අත්අඩංගුවට ගැනීමේ බලතල පරිසර පොලිස් කොට්ඨාසයට නෑ

(විනීතා එම් ගමගේ)

පොලිතින් වර්ග තුනක් සහ ක්‍රියාකාරකම් දෙකක් තහනම් කරමින් 2017 දී පැනවුණු නීතිය යටතේ පොලිසියට අත්අඩංගුවට ගැනීමේ බලතල ලැබී නොතිබීම හේතුවෙන් එම නීතිය නිසිඅයුරින් ක්‍රියාත්මක කළ නොහැකි වී ඇතැයි පරිසර පොලිස් කොට්ඨාසය කියයි.

එම ගැසට් පත්‍රවල සඳහන් වැරදි පිළිබඳ සිදුකරන වැටලීම් වලදී මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් සමඟ පොලිස් නිලධාරීන් ද සහභාගීවන නමුත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නොහැකි බැවින් එම වැටලීම් අසාර්ථක බව පොලිස් පරිසර කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක හසින්ත පියරත්න මහතා ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීම් අධිකාරියේ අද (30) පැවති සාකච්ඡාවක දී ප්‍රකාශ කළේය.

පොලිසියට සිදුව ඇත්තේ පරිසර නිලධාරීන්ට ආරක්ෂාව සැපයීම පමණක් බව කී පොලිස් පරීක්ෂකවරයා සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මීට වසර එක හමාරකට පෙර සිට බලතල ඉල්ලමින් සිටින බව ද කීය.

පරිසර යුක්ති කේන්ද්‍රයේ මෙහෙයවීමෙන් මෙම සාකච්ඡාව පැවැතියේ එක්වරක් පමණක් භාවිතා කර ඉවත ලන පොලිතින් ප්ලාස්ටික් භාවිතය අවම  කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවය.

2017/2033 සිට 2017/38 දක්වා වන අංක යටතේ ගැසට් පත්‍ර හයක් නිකුත් වූයේ එම වසරේ සැප්තැම්බර් පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන පරිදිය.   

එකී ගැසට් පත්‍රවල අංක 2033 දරන ගැසට් පත්‍රය අනුව මයික්‍රෝන 20 ට වඩා අඩු ගණකම ඇති පොලිතින් නිෂ්පාදනය අලෙවිය හෝ ලඟ තබා ගැනීම තහනම්ය.

අංක 2034 දරන ගැසට් පත්‍රය අනුව පොලිතින්වලින් බත් කොල නිපදවීම තහනම් වේ. අංක 2035 ගැසට් පත්‍රය අනුව එච් ඩී පී පොලිතින් නිපදවීම තහනම් වේ.

2036 ගැසට් පත්‍රය අනුව කසල පිලිස්සීම තහනම් වන අතර අංක 2037 ගැසට් පත්‍රය අනුව කවර හෝ උත්සවයක දී පොලිතින් භාවිතා කරමින් සැරසිලි කිරීම තහනම් වේ.

අංක 2038 දරන ගැසට් පත්‍රය අනුව විස්තිරණ පොලිස්ටාරින් ආහාර අසුරන සඳහා යොදා ගැනීම තහනම් වේ.

මේවා සම්බන්ධ වැටලීම්වලට යන නමුත් එහි දී පොලිසියට අත්අඩංගුවට ගන්නට බලතල නොමැති කම හේතුවෙන් නීතිය නිසි ලෙස ක්‍රියාවට නැන්විය නොහැකිව ඇතැයි ද හෙතෙම පෙන්වා දුන්නේය.

 



අදහස් (0)

වැටලීම් වලදී අත්අඩංගුවට ගැනීමේ බලතල පරිසර පොලිස් කොට්ඨාසයට නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 868 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2501 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site