(දසුන් රාජපක්ෂ)
මිරිදිය මත්ස්‍ය කර්මාන්තය නගාසිටුවීම සඳහා උතුරු නැගෙනහිර පළාත්වල පිහිටි ජලාශ වලට ඉස්සන් පැටවුන් දසලක්ෂ හැටදහසක් ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය මුදා හරිනු ලැබ ඇත.
මෙම ඉස්සන් පැටවුන් තොගය තොන්ඩමනාරු,මණ්ඩාන්,ආවරණ්කාල් සහ උප්පාරු යන මිරිදිය ජලාශ සඳහා මුදා හැර ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා අද (5) පැවසීය.
මුදාහල මෙම ඉස්සන්ගේ අස්වැන්න මාස 6 කින් නෙලා ගැනීමට නියමිත අතර ඉන් රුපියල් කෝටි 6 ක ආදායමක් ලබා ගැනීමට අපේක්ෂා කරන බවද ඩග්ලස් දේවානන්ද අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම මිරිදිය මත්ස්‍ය කර්මාන්තය නඟා සිටුවීම සඳහා ඉදිරියේ දී ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය මගින් ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නැංවීමට නියමිත බවද අමාත්‍යවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd