කොග්ගල දර්ශනාරාමයේ ගින්නක් කොග්ගල ගුණ දර්ශනාරාමය තුළ අද (12) ගින්නක් හට ගෙන ඇතැයි හබරාදුව පොලිසිය කියයි. 12 February 2020
ද්විත්ව මිනීමැරුමකට සම්බන්ධ තිදෙනෙකු අල්ලයි කුලි ගමනක් යන මුවාවෙන් මිනුවන්ගොඩදී සහ ජා ඇල දී ලොරි රථයක් සහ ත්‍රී රෝද රථයක් රැගෙන ගොස් එහි රියදුරන් දෙදෙනාට පිහියෙන් ඇන ඝාතනය කර ලොරි රථය කොල්ලකෑ තිදෙනෙකුගෙන් යුත් කල්ලියේ ප්‍රධාන සැකකරු අද (11) අත්අඩංගුවට ගත් බව කැළණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. 11 February 2020
බදුල්ලේ ගුරුවරුන්ට මැතිවරණ රාජකාරී දීමනා තාම නෑ ජනාධිපතිවරණයේදී මැතිවරණ රාජකාරීවල නිරත වූ බදුල්ල දිස්ත්‍රික්කයේ ගුරුවරුන් විශාල පිරිසකට හිමිවිය යුතු මුදල් මෙතෙක් ලැබී නැති බවත් ඊට එරෙහිව ලබන සතියේ බදුල්ල නගරයේ විරෝධතාවක් පවත්වන බවත් ලංකා ගුරුසේවා සංගමය කියයි 11 February 2020
හතරදෙනෙකු අනතුරට ලක්කළ රියදුරා අත්අඩංගුවට බදුල්ල බණ්ඩාරවෙල මාර්ගයේ ගමන්ගත් මෝටර් රථයක් බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී අද (11) පස්වරු 5.10 ට පමණ මහමග ගමන් ගත් පුද්ගලයන් හතර දෙනෙකු අනතුරට පත්කරමින් ධාවනය වී ඇතැයි බදුල්ල පොලිසිය කියයි. 11 February 2020
කතානායකගේ චරිතාපදානය අගරදගුරුට පිළිගන්වයි කථානායක කරු ජයසුරිය මහතා අද (11) කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ හමුවිය. 11 February 2020
විදුහල්පති වෙනුවට ගුරුවරයකු පත්කර එවීමට විරෝධය විදුහල්පතිවරයා මාරුකර වෙනත් ප්‍රාථමික විද්‍යාලයේ ගුරුවරයකු තම පාසලට පත්කිරිමට විරෝධය පළ කරමින් දිඹුලාගල කාශ්‍යප විදුහලේ සිසුන්ගේ මව්පියෝ පිරිසක් අද (11) දහවල් උද්ඝෝෂණයක නිරතවුහ. 11 February 2020
හොරෙන් ජලය ගත් 6 දෙනෙකු අත්අඩංගුවට මට්ටක්කුලිය ෆර්ගියුෂන් පාරේ පිහිටි නිවාස වලට හොරෙන් ජලය ගැනීම සම්බන්ධයෙන් පුද්ගලයින් හය දෙනකු ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 11 February 2020
පාසල් සිසුවියන්ට විහිළු කළ තරුණයෝ 4 ක් අත්අඩංගුවට වවුනියාව කුරුමන්කාඩු ප්‍රදේශයේ උපකාරක පංති සඳහා පැමිණෙන පාසල් සිසු සිසුවියන් හට උසුළුවිසුළු කරමින් මාර්ගයේ තනි රෝදයෙන් යතුරුපැදි ධාවනය කළ තරුණයින් සිව්දෙනකු අද (11) උදෑසන අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය කියයි. 11 February 2020
හල්දුම්මුල්ල ප්‍රා.සබේ මන්ත්‍රීවරු 4 ක් වහලයට නැග විරෝධය පාති හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභා රැස්වීම පැවැත්වෙන අවස්ථාවේ නොමනා හැසිරීමක් පෙන්නුම් කළ බවට විරෝධය පළ කරමින් අද (11) හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් 4 දෙනෙකු ප්‍රාදේශීය සභා වහලය මත නැගී විරෝධතාවයක නියැලුණහ. 11 February 2020
‘මහ කන්නයේ සියලූ වී අස්වැන්න මිලදී ගන්නවා‘ මෙවර මහකන්නයේ වන්නි දිස්ත්‍රීක්කයේ වී අස්වැන්නෙන් වී මෙට්‍රික්ටොන් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් බලාපොරොත්තුවන අතර ගොවීන්ගේ සියලු වී අස්වැන්න රජයෙන් මිලදී ගැනීමට සියල්ල සූදානම් කර ඇති බවට වව්නියාව දිසාපති සමන් බන්ධුලසේන මහතා කීවේය. 11 February 2020
මාතර-යටියන මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක මාතර ප්‍රදේශවාසීන් පිරිසක් අද (11) උදෑසන මාතර යටියන ප්‍රධාන මාර්ගය අවහිර කරමින් හිගුරුපත්තල මංසන්ධියේ දී උද්ඝෝෂණයක නිරතවුහ. 11 February 2020
දුම්රිය හරස් මාර්ගවලට මාර්ග බාධක මුහුදුබඩ දුම්රිය හරස් මාර්ගවල පාරේ මාර්ග බාධක දැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. 11 February 2020
බාල වයස්කාර දැරිය අපයෝජනයට ලක්කළ අයෙක් අත්අඩංගුවට ආරච්චිකට්ටුවට නුදුරු ධීවර ගම්මානයක 14 හැවිරිදි බාලවයස්කාර පාසල් දැරියක බරපතල අපයෝජනයටය ලක්කළ එම ප්‍රදේශයේම පදිංචි 20 හැවිරිදි පුද්ගලයෙකු අද (11) අත්අඩංගුවට ගත්බව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි. 11 February 2020
රඹකැන් ඔයේ වැලි ජාවාරමෙන් තුරුලතා විනාශ වීමේ අවදානමක් බිබිල නිල්ගල ඖෂධීය රක්ෂිත වනය මැදින් ගලා යන රඹකැන් ඔයේ සිදුකරන අනවසර වැලි ජාවාරම නිසා වනයේ ගස් වැල් විනාශ වී යෑමේ අවදානමක් තිබෙන බව රතුගල ආදිවාසි නායක සුදාවන්නිල ඇත්තෝ කියති. 11 February 2020
ත්‍රී රෝද රථයක් පෙරළීමෙන් 4 ක් රෝහලේ කළුගහකඳුර පිටමාරුව ප්‍රධාන මාර්ගයේ ගමන්ගත් ත්‍රීවිල් රථයක් අද (10) රාත්‍රී වෙන්දේසියාය ප්‍රදේශයේ දී ප්‍රපාතයකට පෙරළීයාමෙන් එහි ගමන් ගත් සිව් දෙදෙනෙකු බරපතල තුවාල ලබා මීගහකිවුල රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කන්දකැටිය පැවසීය. 10 February 2020
දුම්රියේ හැපී පුද්ගලයෙකු මරුට ගාල්ල තලාපිටිය දුම්රිය හරස් මාර්ගය අසලදී අද (10) රාත්‍රී මාතර සිට ගාල්ල බලා ධාවනය වූ මන්දගාමී දුම්රියක හැපීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි. 10 February 2020
උමාඔයෙන් බැට කෑ ජනතාවට වතුර බෙදූ බවුසර් රියදුරන් වැඩවර්ජනයක උමාඔය ව්‍යාපෘතිය හේතුවෙන් පානීය ජලය අහිමි වූ බණ්ඩාරවෙල ප්‍රදේශයේ ජනතාවට පානීය ජලය බෙදා හරින ජල බවුසර් සහ ට්‍රැක්ටර් රථ රියදුරන් අද (10) වැඩ වර්ජනයක නිරත වූහ. 10 February 2020
එස්.ටී.එෆ් අණදෙන නිලධාරීවරයා වැඩ බාරගනී විශේෂ කාර්ය බලකායේ 12 වැනි අණදෙන නිලධාරිවරයා වශයෙන් නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක මහතා අද (10) සිය ධුරයේ වැඩ බාර ගත්තේය. 10 February 2020
‘සීගිරියේ පෞරාණිකත්වයට හානි නොවන ලෙස ඉදිකිරීම් කරන්නැයි උපදෙස්‘ සීගිරිය පුරා විද්‍යා බිමේ නවීකරණ කටයුතු සහ නව ඉදිකිරීම් එහි පෞරාණිකත්වයට හානි නොවන අයුරින් සිදු කරන ලෙසත්, පැමිණෙන විදෙස් සංචාරකයින්ගේ මෙන්ම දේශිය සංචාරකයින්ගේ සෞඛ්‍ය හා සනීපාරක්ෂාව පිළිබඳව වැඩි අවධානයක් යොමු කර කටයුතු කරන ලෙසත් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත් සභා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකොන් මහතා අද (10) එහි කළමනාකාරීත්වයට උපදෙස් දුන්නේය. 10 February 2020
දේශපාලන බලපෑම් මත ලබා දුන් ස්ථානමාරු අවලංගු කරන්නැයි උද්ඝෝෂණයක් මහවැලි සී කලාපයේ වෙහෙරගල කොට්ඨාස කළමනාකාරවරියට දේශපාලන බලපෑම් මත ලබාදී ඇති ස්ථාන මාරුව වහාම අවලංගු කරන ලෙස ඉල්ලමින් ප්‍රදේශයේ මහජනතාව අද (10) මහවැලි කොට්ඨාස කාර්යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණයෙක නිරත වූහ. 10 February 2020
ලොරිරථවලින් එළවළු සොරාගත් දෙදෙනෙකු රිමාන්ඩ් එළවළු ප්‍රවාහනය කරන ලොරිරථවලින් එළවළු ගෝනි සොරාගත් පුද්ගලයන් දෙදෙනෙකු පෙබරවාරි 16 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (10) දා නියෝග කළේය. 10 February 2020
පොළොන්නරුව රෝහලේ කනිෂ්ඨ කාර්යමණ්ඩලය විරෝධතාවක නිදහස් සෞඛ්‍ය සේවාවට සහ රාජ්‍ය සේවයට දේශපාලන බලපෑම් නොකරන ලෙස ඉල්ලමින් පොලොන්නරුව දිස්ත්‍රික් මහ රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය අද(10) දහවල් රෝහල ඉදිරිපිටදී උද්ඝෝෂණයෙක නිරත වූහ. 10 February 2020
ඇඳුම් මසන්නාගේ කතුරු පහරින් තරුණයෙක් මරුට දෙනියාය, බෙරලපනාතර ප්‍රදේශයේ ඇඳුම් මසන්නකු එල්ල කළ කතුරු පහරින් තුවාල ලැබූ තරුණයකු අද(10) මියගොස් ඇතැයි ඌරුබොක්ක පොලිසිය කියයි. 10 February 2020
දින හතරක් තිස්සේ ජලය නැතැයි රන්න ගම්වාසීහු වීදි බසිති රන්න රුවිනිගම ප්‍රදේශයට දින හතරක් තිස්සේ නල ජලය නොලැබුණේ යැයි කියමින් අද(10) ගම්වාසීහු පිරිසක් විරෝධතාවක නිරත වූහ. 10 February 2020
මොරගහකන්ද- කළුගඟ ව්‍යාපෘතියේ නැවත පදිංචිවූ ජනතාව විරෝධයක මොරගහකන්ද සහ කළු ගඟ ජලාශවලට ඉඩම් ලබා දුන් ජනතාවට මෙතෙක් සාධාරණයක් ඉටු වී නැතැයි පවසමින් නැවත පදිංචිවූවෝ පිරිසක් අද(10) දඹුල්ල මහියංගනය ප්‍රධාන මාර්ගයේ ලග්ගල හරිත නගරය මධ්‍යයේ පාර වසාගෙන විරෝධතාවයක නිරත වූහ. 10 February 2020
රැකියා විරහිත උපාධිධරයෝ විරෝධතා පාගනමක ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ විරෝධතා පාගමන කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් අද (10) ආරම්භ කෙරිණි. 10 February 2020
අනතුරින් ලොරියේ ගැටී ත්‍රිරෝද රථයේ රියැදුරා මරුට ගාල්ල-මාතර මහා මාර්ගයේ කොග්ගල ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් ලොරි රථයක ගැටීමෙන් වූ අනතුරින් බරපතල තුවාල ලැබු ත්‍රිරෝද රථයේ රියදුරු මිය ගොස් ඇතැයි හබරාදුව පොලිසිය පවසයි. 10 February 2020
ඇමැති ජනකගේ හොර ලේකම් ලෙස පෙනී සිටි අයෙක් අත්අඩංගුවට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ පෞද්ගලික ලේකම්වරයකු ලෙස පෙනී සිටිමින් කිහිපවිටක දීම මුදල් ගත් බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය පවසයි. 10 February 2020
ලක්ෂ 40 ක හෙරොයින් සමඟ 2 ක් පොලිස් දැලේ රුපියල් ලක්ෂ 40 කට අධික වටිනා හෙරොයින් මත්කුඩු තොගයක් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකායේ හිටපු කොස්තාපල්වරයෙකු සහ තවත් පුද්ගලයෙකු අද (09) බුලත්සිංහලදී අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි. 09 February 2020
ආණ්ඩු පෙරළියෙන් 1200 ක් අසරණ වෙති රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේත් ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේත් කඹ ඇදීමක් නිසා අවසන් වරට පැවැති දෙවැනි බස උගැන්වීමේ ගුරු පුහුණු පාඨමාලාව අතරමග නතර වී තරුණ තරුණියයෝ 1200 ක පමණ පිරිසක් දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටිති. 09 February 2020
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026