( රොමේෂ් මධුෂංඛ )
මෙවර මහකන්නයේ වන්නි දිස්ත්‍රීක්කයේ වී අස්වැන්නෙන් වී මෙට්‍රික්ටොන් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් බලාපොරොත්තුවන අතර ගොවීන්ගේ සියලු වී අස්වැන්න රජයෙන් මිලදී ගැනීමට සියල්ල සූදානම් කර ඇති බවට වව්නියාව දිසාපති සමන් බන්ධුලසේන මහතා කීවේය.
දිසාපතිවරයා මේ බව පවසා සිටියේ අද (11) වන්නි දිස්ත්‍රීක්කයේ ගොවීන්ගේ වී අස්වැන්න රජයේ වී මිලදී ගැනීමේ මධ්‍යස්ථාන වලදී මිලදී ගැනීම් නීරීක්ෂණය කිරීමට ගිය අවස්ථාවේදීය.
වන්නි දිස්ත්‍රීක්කයේ ගොවීන් මෙවර අක්කර 45,000 කට අධික ප්‍රමාණයක් ගොවිතැන් කර ඇති අතර මෙවර මහකන්නයේ වී අස්වැන්න වෙනුවෙන් ප්‍රමාණවත් ජලය හා පොහොර ලැබීම හේතුවෙන් සාර්ථක වී අස්වැන්නක ගොවීන්ට ලැබී ඇත.
සම්බා , නාඩු සහ කීරි සම්බා වෙනුවෙන් රුපියල් 50 ක් වූ සහතික මිලකට වී තොග ලබා දීමට ගොවීන්ට අවස්ථාව ලබා දී ඇති අතරම වී මිලදී ගැනීමේදී රජයේ වී මිලදී ගැනීමේ මධ්‍යස්ථාන වලින් මෙතෙක් අනුමත කර තිබූ වී වල තෙතමන සීමාව 14% සිට 21 % දක්වා වැඩි කිරීමටද ජනාධිපති තුමන්ගේ උපදෙස් පරිදි පියවර ගෙන ඇති බවට වව්නියාව දිසාපතිවරයා කියා සිටියේය.
එමෙන්ම වව්නියාව නගරය, වේප්පන් කුලම්, වව්නියාව පාක්රෝඩ්, මාමඩුව හා නෙඩුන්කේනි යන රජයේ වී මිලදී ගැනීමේ මධ්‍යස්ථාන හරහා වී මිලදී ගැනීමේ කටයුතු සිදු කෙරෙන අතරම වන්නි ගොවීන්ගෙන් වී මිලදී ගැනීම වෙනුවෙන් මූලික අදියරට රජය විසින් රුපියල් කෝටි 20 ක මුදලක් වෙන් කර ඇති බවට වී ලබා දුන් ගොවීන්ට ඉතා ඉක්මනින් මුදල් ලබාදීමේ ක්‍රියා පිළිවෙතක්ද අනුගමනය කොට ඇති බවට වව්නියවා දිසාපති සමන් බන්ධුලසේන මහතා වැඩි දුරටත්පැවසීය.



2025 නොවැම්බර් මස 17
15
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
862
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2494
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
‘මහ කන්නයේ සියලූ වී අස්වැන්න මිලදී ගන්නවා‘
de silva Tuesday, 11 February 2020 09:32 AM
වී මිලදී ගැනීමෙන් පමණක් ප්‍රශ්නය විසදෙන්නේ නැහැ , ඉක්මනට වී ටික සකස් කරලා පහසුමිලට නොකඩවා වෙළදපලට ලැබෙන්න සලස්වාන්නවන්න ඕනේ , නැතුව වී අවුරුදු ගණනක් බොරුවට ගබඩා කරගෙන ඉඳලා සත්ව ආහාර වලට කියලා අඩු මිලට විකුනලා පස්ස දොරින් නැවත වෙළදපලට දැමීම වගේ වැඩ එහෙම කරන්න එපා .
PradeepWednesday, 12 February 2020 03:04 AM
අනිවාර්යෙන්ම ඔව්. මෙහි වාසිය පාරිභෝගිකයා දක්වාම පැමිණිය යුතුයි.