IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


ඇමැති ජනකගේ හොර ලේකම් ලෙස පෙනී සිටි අයෙක් අත්අඩංගුවට

(කාංචන කුමාර ආරියදාස)

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ පෞද්ගලික ලේකම්වරයකු ලෙස පෙනී සිටිමින් කිහිපවිටක දීම මුදල් ගත් බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු රුපියල් 180,000 ක මුදලක් ලබා ගත්තැයි පොලිසිය සඳහන් කරයි.

මාතලේ මඩවල ප්‍රදේශයේ පදිංචිකරුවකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර අමාත්‍යවරයා විසින් දඹුල්ල පොලිසියට කළ දැනුම් දීමකින් පසු සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

මාතලේ මඩවල ප්‍රාදේශීය සභා නියෝජිතයකු සැකකරු පිළිබඳව අමාත්‍යවරයාට  දැනුම් දී තිබේ. ඒ අනුව මුදල් ලබාදුන් පුද්ගලයා පිළිබඳවත් කරුණු සොයා බලා වහාම එම පුද්ගලයා අමාත්‍යවරයා විසින් සිය කාර්‍යාලයට ගෙන්වා  ප්‍රශ්න කර තිබේ.

එහිදී හෙළි වී ඇත්තේ අවස්ථා කිහිපයක දී තමන්ගෙන් රුපියල් 180,000 ක් රක්ෂණ වාරික ලෙස ලබාගෙන එම මුදල් ඉල්ලා සිටින අවස්ථාවන් හිදී තමන්ට තර්ජනය කරන බවයි.

අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ පෞද්ගලික ලේකම්වරයකු බව පවසමින් මෙම පුද්ගලයා තමාට තර්ජනය කළ බව ද  මුදල් ලබාදුන් පුද්ගලයා අමාත්‍යවරයා හමුවේ සඳහන් කර තිබේ.

ඒ අනුව අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා මේ බව තම නියෝජිතයාට දැනුම්දී වහාම මෙම  ව්‍යාජ ලේකම්  රැගෙන එන ලෙස දැනුම් දීමත් සමග විනාඩි කිහිපයක් ඇතුළත මෙම පුද්ගලයා අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ දඹුල්ල යාපාගම පිහිටි නිවසට ගෙන්වාගෙන තිබේ.

මඩවල ප්‍රදේශයේ පදිංචි මොහු පෞද්ගලික රක්ෂණ සමාගමක නියෝජිතයකු ලෙස සේවය කරන අයෙකු බවත් රක්ෂණ වාරික ලෙස ප්‍රදේශයේ බොහෝ ජනතාවගෙන් මුදල් ලබාගෙන ඒවා රක්ෂණ වාරික වලට නොගෙවා තම පෞද්ගලිකව පරිහරණය කිරීමේ චෝදනා රැසක් මොහුට විරුද්ධව පවතින බවත් මුදල් පිළිබඳ කරුණු විමසීමේ දී ඔහු විවිධ දේශපාලනඥයන්ගේ නම භාවිතා කරමින් තනතුරු භාවිතා කරමින් ජනතාව බිය ගන්වමින්  සිටින බවට පරීක්ෂණවලදී අනාවරණය කර ගැනීමට හැකිවී තිබේ.

මෙසේ අත්අඩංගුවට ගත් පුද්ගලයා අද (10) දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

ඇමැති ජනකගේ හොර ලේකම් ලෙස පෙනී සිටි අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 15 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 862 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2494 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site