IMG-LOGO

බදුල්ලේ ගුරුවරුන්ට මැතිවරණ රාජකාරී දීමනා තාම නෑ

(විජේරත්න රත්නායක)

ජනාධිපතිවරණයේදී මැතිවරණ රාජකාරීවල නිරත වූ බදුල්ල දිස්ත්‍රික්කයේ ගුරුවරුන් විශාල පිරිසකට හිමිවිය යුතු මුදල් මෙතෙක් ලැබී නැති බවත් ඊට එරෙහිව ලබන සතියේ බදුල්ල නගරයේ විරෝධතාවක් පවත්වන බවත් ලංකා ගුරුසේවා සංගමය කියයි

මේ සම්බන්ධයෙන් අද (11) හාලිඇලදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක් වූ එම සංගමයේ බදුල්ල දිස්ත්‍රික් ලේකම් නන්දන කැළුම්සිරි හපුගොඩ මහතා පැවසුවේ බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල අධ්‍යාපන කලාපයේ පමණක් මෙම මුදල්වලින් සියයට 75 ක් පමණ ගෙවා ඇතත් සෙසු අධ්‍යාපන කලාපවල සියයට 75 කට වැඩි ප්‍රමාණයක් ගෙවා නොමැති අතර මෙසේ ගෙවීමට ඇති මුදල රුපියල් ලක්ෂ සියයකට ආසන්න බවත්ය.

බදුල්ල අධ්‍යාපන කලාපයේ ගුරුවරුන්ට රුපියල් ලක්ෂ 25 ක් පමණද වැලිමඩ කලාපයේ ලක්ෂ 20 ක් පමණද මහියංගන කලාපයේ ලක්ෂ15 ක් පමණ හා පස්සර කලාපයේ ගුරුවරුන් සඳහා රුපියල් ලක්ෂ 15 ක් පමණද වියලුව කලාපයේ ගුරුවරුන්ට ලක්ෂ 20 ක් පමණද ලැබිය යුතු බව ඔහු පැවසීය.

වියලුව කලාපයේ පාසසල්වලට අදාළ ඉල්ලුම්පත් යවා ඇති නමුත් මෙතෙක් ගෙවීම් කර නොමැති බවද ඔහු සඳහන් කළේය.

ඇතැම් කලාප අධ්‍යාපන කාර්යාලවලට අදාළ මුදල් ලැබී ඇතත් එම කාර්යාලවලින් ගෙවීම් ප්‍රමාද වී ඇති බවද ඇතැම් කලාපවලටද ලැබිය යුතු මුදල් මැතිවරණ කාර්යාලය මඟින් මෙතෙක් ලැබී නැතැයිද හපුගොඩ මහතා පැවසීය. 

ජනාධිපතිවරණය අවසන්ව මාස දෙකකට වැඩි කාලයක් ගතව ඇතැත් අදාළ දීමනා මෙතෙක් නොලැබීම හේතුවෙන් මෙම ගුරුවරුන් මෙන්ම නිලධාරීන්ද දැඩි අපහසුතාවයට පත්ව සිටින බව ඔහු පැවසීය.

මේ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා කර ඇත්ත ඉන් පලක් නොවූ බැවින් ඊට එරෙහිව ලබන සතිය තුළ බදුල්ල නගරයේදී විරෝධතාවයක් සිදුකිරීමට සැළසුම් කර ඇතැයිද ලංකා ගුරුසේවා සංගමයේ බදුල්ල දිස්ත්‍රික් ලේකම් නන්දන කැළුම්සිරි හපුගොඩ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



අදහස් (0)

බදුල්ලේ ගුරුවරුන්ට මැතිවරණ රාජකාරී දීමනා තාම නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 23 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1559 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1687 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site