මුදල් වංචා කළ අයෙකු කන්දකැටියේදී අත්අංඩගුවට බිබිල සහ ඒ අවට ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් මුදල් වංචා කර සැඟව සිටි පුද්ගලයෙකු කන්දකැටිය ප්‍රදේශයේ දී අද (17) අත්අංඩගුවට ගත්බව බිබිල පොලිසිය පැවසීය. 17 February 2020
‘‘මාර්තු මාසයේ පාර්ලිමේන්තුව විසුරුවන ලෙස ජනපතිට උපදෙස් දෙනවා‘‘ මාර්තු මාසයේ දී පාර්ලිමේන්තුව විසුරුවන ලෙස ජනාධිපතිවරයාට උපදෙස් දෙන්න ඇමැති මණ්ඩලය බලාපොරොත්තු වනබව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇටම්පිටියේදී අද (17) සඳහන් කළේය. 17 February 2020
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 12 දෙනකු තව දුරටත් රඳවා ප්‍රශ්න කරන්න අවසර පාස්කු ප්‍රහාරයට අනුබල දුන්නා යැයි රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති සැකකරුවන් 12 දෙනෙකු තවත් දින 14 ක් ප්‍රශ්න කිරිම් මත රදවා තැබිමට කල්මුණේ මහේස්ත්‍රාත් අයි.එන්.රිස්වාන් මහතා නියෝග කළේය. 17 February 2020
ගිනිඅවි 2 ක් සමඟ ලංගම සේවකයෙක් අත්අඩංගුවට ගිනි අවි දෙකක් සහ විවිධ වර්ගයේ ජීව පතුරොම් 12 ක් නිවසෙහි සඟවා තිබූ බව කියන ලංකා ගමනාගමන මණ්ඩල සේවකයකු අද (17) අත්අඩංගුවට ගත්බව අඟුණකොළපෑලැස්ස පොලිසිය පැවසීය. 17 February 2020
දැරියක අපයෝජනය කළ සෙබළකු අත්අඩංගුවට වයස අවුරුදු 15 ක දැරියක් අපයෝජනයට ලක් කළ බව කියන හමුදා සෙබළෙකු අද (17) සැකපිට අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය පවසයි. 17 February 2020
අක්කර 6 ක ගංජා වගාවක් පවත්වාගෙන ගිය 3 ක් අත්අඩංගුවට අම්පාර දමන ප්‍රදේශයේ බක්මිටියාව තිඹිරිගොල්ල රක්ෂිතය තුළ අක්කර හයක ගංජා වගාවක් පවත්වාගෙන ගිය තිදෙනෙක් අද (17) අත්අඩංගුවට ගත්බව දමන පොලිසිය පැවසීය. 17 February 2020
ඇටම්පිටිය ජල යෝජනා ක්‍රමය ජනතා අයිතියට හාලිඇල ඇටම්පිටිය වේල්ලෙවෙල ප්‍රදේශයේ ඉදිකෙරුණු ඇටම්පිටිය ජල යෝජනා ක්‍රමය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17)විවෘත කෙරිණි. 17 February 2020
පින්නවල පාසලක විදුහල්පති ඉවත් කරන්නැයි ඉල්ලා විරෝධතාවයක් බලන්ගොඩ පින්නවල අටවක්වෙල ශ්‍රී රතනපාල විදුහලේ විදුහල්පතිනිය පාසලෙන් ඉවත්කර වෙනත් විදුහල්පතිවරයකු දෙන්නැයි ඉල්ලමින් භික්ෂූන් වහන්සේලා ඇතුළු දෙමව්පියෝ පිරිසක් අද (17) පාසල ඉදිරිපිට විරෝධතාවයක නිරතවුහ. 17 February 2020
දකුණු පළාත් සබේ සේවක දීමනා-වරප්‍රසාද කප්පාදු කිරීමට තීරණයක දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින්ට මෙතෙක් කලක් ගෙවන ලද රුපියල් 2500 දීමනාව සහ අනෙකුත් වරප්‍රසාද මේ මාසයේ සිට කප්පාදු කිරීමට අධිකාරිය තීරණය කර ඇතැයි දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ නිදහස් සේවක සංගමය පවසයි. 17 February 2020
තුවක්කු දෙකක් සමඟ අයෙකු අත්අඩංගුවට නවගත්තේගම මොරගහවැව ප්‍රදේශයේ නිවසක් වටලා තුවක්කු දෙකක් සමඟ පුද්ගලයකු අද(17) අත්අඩංගුවට ගත් බව නවගත්තේගම පොලීසිය පැවසීය. 17 February 2020
දරුවෙකු අපයෝජනය කළැයි විදුහල්පති අත්අඩංගුවට බාල වයස්කාර පිරිමි දරුවෙකු අපයෝජනය කිරීම සම්බන්ධයෙන් සැකපිට පොළොන්නරුව, ලංකාපුර ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකු අද (17) අත්අඩංගුවට ගත්බව පුලස්තිපුර පොලීසිය කියයි. 17 February 2020
බෝක්කුවක තිබී මළ සිරුරක් සොයාගනී ඌවපරණගම ලුණුවත්ත ඇළේ බෝක්කුවක තිබී පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (17) සොයා ගත් බව ඌවපරණගම පොලීසිය පවසයි. 17 February 2020
නව විදුහල්පතිනි ඉවත්කරන්නැයි මව්පියවරු විරෝධයක හලාවත ඉලිප්පදෙණිය විදුහල සඳහා එවා ඇති නව විදුහල්පතිනිය ඉවත්කරන්නැයි ඉල්ලා, එම පාසලේ සිසුන්ගේ මව්පියවරු පිරිසක් විදුහල ඉදිරිපිටට අද ( 17 ) උද්ඝෝෂණයක නිරත වෙති. 17 February 2020
වතු නිවාස 8 ක් ගින්නකින් විනාශ වෙයි නොර්වුඩ් බිලින්කිබොනි වතු යායේ වතු නිවාස පේලියක අද (16) රාත්‍රීයේ හටගත් ගින්නකින් වතු නිවාස පේලියට අයත් නිවාස අටක් සම්පුර්ණයෙන්ම විනාශ වී ඇති බව නොර්වුඩ් පොලිසිය කියයි. 16 February 2020
පොලිසිය යැයි කියා ඇවිත් මුදල් - රන් භාණ්ඩ කොල්ලකාලා පොලිස් නිලධාරීන් බව පවසමින් නිවෙස්වලටගොස් කොල්ල කෑමේ යෙදී සිටි මහා පරිමාණ මංකොල්ල කල්ලියක සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව අලවතුගොඩ පොලිසිය පැවසීය. 16 February 2020
නිසි උෂ්ණත්වයේ නොතබා ප්‍රවාහනය කළ යෝගට් තොගයක් විනාශ කරයි නිසි උෂ්ණත්වයේ නොතබා ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් 60,000 කට අධික වටිනාකමකින් යුත් යෝගට් සහ අයිස් පැකට් තොගයක් අත්අඩංගුවට ගෙන විනාශ කළ බව පැල්මඩුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි. 16 February 2020
නීතී විරෝධි දුම්වැටි සමඟ සිව් දෙනකු අත්අඩංගුවට ඕමානයේ සිට විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිව් දෙනෙකු අද (16) කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය . 16 February 2020
දැරියක් අපයෝජනය කළැයි ලංගම කොන්දොස්තර රිමාන්ඩ් බාල වයස්කාර දැරියක අපයෝජනය කිරීම සම්බන්ධයෙන් මින්නේරිය පොලීසිය සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ලංගම බස් කොන්දොස්තරවරයකු පෙබරවාරි 28 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් සනත් නනායක්කාර මහතා නියෝග කළේය. 16 February 2020
ඉඩම් බලපත්‍ර ගාස්තු අඩු කරන්න යයි ඉඩම් පනත වහා සංශෝධනය කර රජයේ ඉඩම් බලපත්‍ර ගාස්තුව 50% අඩුකිරීමට රජය පියවර ගන්නා බව ඉඩම් සංවර්ධන,වනජීවි හා පරිසර අමාත්‍ය එස්.එම්.චන්ද්‍රෙස්න මහතා ප්‍රකාශ කළේය. 16 February 2020
මාස් කන්නයේ පොළොන්නරුවේ වී මිලදීගැනීම 17වැනිදා සිට රජයේ සහතික මිල යටතේ මෙවර මාස් කන්නයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන්ගේ වී මිලදීගැනීම අඟහරුවාදා(17) සිට ආරම්භ කෙරෙන බව වී අලෙවි මණ්ඩලය කියයි. 16 February 2020
මත්පැන් බෝතල් තොගයක් සමඟ අයෙකු අත්අඩංගුවට විදෙස් රටවල්වල නිෂ්පාදිත මත්පැන් වර්ග විශාල ප්‍රමාණයක් නිවෙසේ ගබඩා කළ බව කියන වීරකැටිය ප්‍රාදේශීය සභාවේ හිටපු එජාප මන්ත්‍රීවරයකුගේ සහෝදරයෙකු අද (15) අත්අඩංගුවට ගත් බව වීරකැටිය පොලිසිය කියයි. 15 February 2020
මත් බුලත්විට 80 ක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට මත් බුලත්විට අඩංගු පැකැට් 85 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අද (15) සාලියවැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව සාලියවැව පොලිසිය පැවසීය. 15 February 2020
බදුල්ලේ කුණු කන්දට විසඳුමක් වසර 40 ක පමණ කාලයක සිට බදුල්ල නගරයේ ඇති කුණු කන්දේ ප්‍රශ්නයට කඩනමින් විසඳුමක් ලබාදීමේ ව්‍යපෘතියක් අග්‍රාමාත්‍ය කාර්යාලය සහ ඌව ආණ්ඩුකාර කාර්යාල එක්ව අද (15) ආරම්භ කළේය. 15 February 2020
ලක්ෂ 4 ක බුරුත දැව කදන් තොගයක් අත්අඩංගුවට මඩු රක්ෂිතයේ කුට්ටමනී බේස් ප්‍රදේශයෙන් කපා ප්‍රවාහනය කරමින් තිබූ ලක්ෂ හතරකට ආසන්න බුරුත දැව කදන් තොගයක් සමඟ කැබ් රථයක් අද (15) අත්අඩංගුවට ගත්බව මඩු අඩවි වන නිලධාරී අශෝක ප්‍රේමරත්න මහතා පැවසීය. 15 February 2020
වල්ලපට්ටා කිලෝ 30 ක් ප්‍රවාහනය කළ ටිපර් රථයක් අත්අඩංගුවට නීති විරෝධී ලෙස වල්ලපට්ටා කිලෝ 30 ක් ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් අද (15) අත්අඩංගුවට ගත් බව උඩුගම පොලිසිය පවසයි. 15 February 2020
ආඝාත රෝගය ගැන ජනතාව දැනුවත් කිරීමේ පා ගමනක් ආඝාත රෝගය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ පා ගමනක් අනුරාධපුර නගරයේදී අද (15) පැවැත්විණි. 15 February 2020
ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ඇතිමලේ කොටියාගල කම්මල්යාය ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් සමඟ පුද්ගලයෙකු අද (15) අත්අඩංගුවට ගෙන ඇතැයි ඇතිමලේ පොලිසිය පවසයි. 15 February 2020
ළිඳක් කැපීමේදී මෝටාර් උණ්ඩයක් හමුවෙයි වැලිමඩ බෝගහකුඹුර රහංගල වත්තේ පෞද්ගලික ඉඩමක ළිඳක් කැපීමට ගිය අවස්ථාවේ අද (15) මෝටාර් උණ්ඩයක් යැයි සැකකරන දෙයක් හමුවී ඇතැයි බෝගහකුඹුර පොලිසිය පවසයි. 15 February 2020
මෝටර් රථයක ගැටී කුඩා දැරියක් මරුට වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ කුඩාඔය 295 කිලෝමීටර් කණුව අසලදී මෝටර් රථයක ගැටී කුඩා දැරියක් අද (14) එම ස්ථානයේදීම මියගොස් ඇතැයි කුඩාඔය පොලිසිය පැවසීය. 14 February 2020
ඕස්ට්‍රේලියානු ජාතික යුවළකට බඹර ප්‍රහාරයක් ඇල්ල ආරුක්කු නවය පාලම නැරඹීමට පැමිණි විදේශීය සංචාරකයින් දෙදෙනකු බඹර ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා අද (14) බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි ඇල්ල පොලිසිය පවසයි. 14 February 2020
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026