IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


මාස් කන්නයේ පොළොන්නරුවේ වී මිලදීගැනීම 17වැනිදා සිට

(ක.ග.කරුණාරත්න)

රජයේ සහතික මිල යටතේ මෙවර මාස් කන්නයේ පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ ගොවීන්ගේ වී මිලදීගැනීම අඟහරුවාදා(17) සිට ආරම්භ කෙරෙන බව වී අලෙවි මණ්ඩලය කියයි.
 
දැනට පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ වී අස්වනු නෙළීම කරනු ලබන මහවැලි බී කලාපයට අයත් වැලිකන්ද ප‍්‍රදේශයේ  වී මිලදී ගැනීම ප‍්‍රථමයෙන් ඇරඹීමට කටයුතු යොදා ඇතැයි වී අලෙවි මණ්ඩලයේ පොළොන්නරුව ප‍්‍රාදේශීය කළමනාකරු නිමල් ඒකනායක මහතා පැවැසීය.
 
තෙතමනය 14%ට වඩා අඩු ප‍්‍රමිතියෙන් යුත් සම්බා සහ නාඩු වී කිලෝවක් සඳහා  රුපියල් 50 බැගින් ගෙවා මෙවර රජය ගොවීන්ගෙන් වී මිලදී ගනු ලබයි.
 
දිස්ත‍්‍රික්කයේ මිලදී ගැනීමේ   මධ්‍යස්ථාන 21 ක් යටතේ වී මිලදී ගැනීමට සැලසුම් කර ඇති බවත් වී මෙට්‍රික් ටොන් 50,000ක් මෙවර මිලදී ගැනීමට රජය බලාපොරොත්තු වන බවත් ඒකනායක මහතා කීය.



අදහස් (0)

මාස් කන්නයේ පොළොන්නරුවේ වී මිලදීගැනීම 17වැනිදා සිට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 18 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1543 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1673 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site