(දයාරත්න ඇඹෝගම)
ආඝාත රෝගය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ පා ගමනක් අනුරාධපුර නගරයේදී අද (15) පැවැත්විණි.
ශ්‍රි ලංකා ජාතික ආඝාත සංගමය සංවිධානය කර තිබූ මෙම පා ගමනට වෛද්‍යවරු,වෛද්‍ය සිසුන්,හෙද හෙදියන්,පාසල් සිසුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
අනුරාධපුර ශාන්ත ජෝශප් මහා විදුහල ඉදිරිපිටින් ආරම්භ වූ පා ගමන ස්වර්ණාපාලි විදුහල අසලින් අවසන් විය.
මෙම පා ගමනට සමගාමිව පාසල් ක්‍රිඩාංගණයේදී සෞඛ්‍ය කඳවුරක්ද පැවැත්විණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd