IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


නීතී විරෝධි දුම්වැටි සමඟ සිව් දෙනකු අත්අඩංගුවට

(ටී.කේ.ජී.කපිල )
ඕමානයේ සිට විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිව් දෙනෙකු අද (16)  කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය .

කිරිබත්ගොඩ , කුරුණෑගල  පදිංචි කාන්තාවන් තිදෙනකු ,බේරුවල ප්‍රදේශයේ පදිංචි පිරිමි ගුවන් මගියෙකුත් මෙසේ රේගු අත්අඩංගුවට පත් වී තිබේ.

කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි එක්  කාන්තාව , මීට පෙර අවස්ථාවකදී ද ශ්‍රී ලංකාවට නීතිවිරෝධී ලෙස දුම්වැටි තොගයක් රැගෙන පැමිණීමේ දී කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන්ට හසු වූ කාන්තාවක් බව රේගුව සදහන් කරයි .
 

 අද(16)  ඕමානයේ සිට පැමිණි , ඕමාන් ගුවන් සේවයේ ඩබ්ලිව්.වයි.- 0381 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

 ඔවුන් විසින් රැගෙන පැමිණි ගමන් මලු තුළ , දුම්වැටි වර්ග 03 කට අයත් , රුපියල් 52,47,800 ( පනස් දෙලක්ෂ හතලිස් හත් දහස් අට සීයයක්) ක් වටිනා දුම්වැටි 90,000 ක් අඩංගු , දුම්වැටි කාටූන් 450 ක් සගවා ගෙන තිබී රේගු නිලධාරීන් අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේය .



අදහස් (0)

නීතී විරෝධි දුම්වැටි සමඟ සිව් දෙනකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 18 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1542 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1673 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site