(මනුල වික්‍රම)
ඉඩම් පනත වහා සංශෝධනය කර රජයේ ඉඩම් බලපත්‍ර ගාස්තුව 50% අඩුකිරීමට රජය පියවර ගන්නා බව ඉඩම් සංවර්ධන වනජීවි හා පරිසර අමාත්‍ය එස්.එම්.චන්ද්‍රෙස්න මහතා ප්‍රකාශ කළේය.
අනුරාධපුරයේ නිලධාරින් සමඟ පැවැත්වූ විශේෂ සාකච්ඡාවක දී ඇමැතිවරයා මේ බව පැවසීය.
දැනට පවතින බදු ඉඩම් නීතිය තුළ ගෙවිය යුතු ගාස්තු අධික වීමෙන් ජනතාව බදුගෙවීම පැහැර හැරීමෙන් රජයට අධික ආදායමක් අහිමි වන බව එහි දී පෙන්වාදුන් අමාත්‍යවරයා කෘෂිකර්ම ,වාණිජ හා පදිංචි ඉඩම් වෙනුවෙන් ලබාදෙන මෙම සහනය නිසා ආයෝජන දිරිගැන්වීමත් රජයේ ආදායම ඉහළ යාමත් සිදුවන බව කියාසිටියේ ය.
ඉඩම් ඔප්පු ලබාගැනීමේ දී ඒවා අනුමත වීමට දැනට පවතින ක්‍රියාවලිය තුළ වසර පහක් තරම් අධික කාලයක් ගතවන ක්‍රමවේදය වෙනුවට සියලු නිලධාරීන් සමඟ ගමට ගොස් ඉඩම් ඔප්පු අනුමත කර දීමේ වැඩපිළිවෙළක් අරඹා ඇති බවද ඉඩම් ඇමැතිවරයා එහි දී කිවේ ය.
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
ඉඩම් බලපත්‍ර ගාස්තු අඩු කරන්න යයි