IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


ගිනිඅවි 2 ක් සමඟ ලංගම සේවකයෙක් අත්අඩංගුවට

(අනීෂා මානගේ)
 
ගිනි අවි දෙකක් සහ විවිධ වර්ගයේ ජීව පතුරොම් 12 ක් නිවසෙහි සඟවා තිබූ බව කියන ලංකා ගමනාගමන මණ්ඩල සේවකයකු අද (17) අත්අඩංගුවට ගත්බව අඟුණකොළපෑලැස්ස පොලිසිය පැවසීය.
 
හම්බන්තොට දිස්ත්‍රික් වාර්තාගත විශේෂ ඝනයේ අපරාධ සහ දූෂණ මර්ධනය සඳහා අඟුණකොළපෑලැස්ස පොලිසියේ පිහිට වූ ඒකකයේ නිලධාරීන්  මෙම වැටලිම සිදුකර තිබේ.
 
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වීරකැටිය කැප්පෙටියාව ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි අයකු බව පොලිසිය කියයි.
 
මෙම සැකකරු ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් හක්මන ඩිපෝවේ කොන්දොස්තරවරයකු ලෙස සේවය කරන්නෙකු බව පොලිසිය පැවසීය.
 
සැකකරුගේ නිවෙසෙහි සඟවා තිබූ බව කියන ටී 56 උණ්ඩ යොදන ගල්කටස් වර්ගයේ ගිනිඅවියක් , බෝර දොළහ පතුරොම් යොදන ගල්කටස් වර්ගයේ ගිනිඅවියක්, ටී56 වර්ගයේ ජීව පතුරොම් දෙකක්, 84 එස් වර්ගයේ ජීව පතුරොම් දෙකක් සහ බෝර දොළහ වර්ගයේ ජීව පතුරොම් අටක් පොලිස් භාරයට ගෙන තිබිණ. 



අදහස් (0)

ගිනිඅවි 2 ක් සමඟ ලංගම සේවකයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 2 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 852 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2491 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site