මුත්තයියා ප්රභාකරන් නුවරඑළියෙන් මහමැතිවරණයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රට ගොඩනැගීමට ගෙනයන වැඩපිළිවෙළට සහයෝගය දක්වන බවත් ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමඟ එක්ව නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට බලාපොරොත්තු වන බවත් හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ සහෝදරයා මුත්තයියා ප්රභාකරන් මහතා පැවසීය. 22 February 2020
දඹුල්ලේ අර්තාපල් - රතුලූනු මිල පහළට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල යාපනය අර්ධද්වීපයේ වගාකර ඇති අර්තාපල් අල සහ රතුලූනු තොග විශාල වශයෙන් ලැබෙන බව ව්‍යාපාරිකයෝ පවසති. 22 February 2020
කංසා පැළ 11,110 ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට කොස්ලන්ද උණකන්ද කණකැටිපැලැස්ස රක්ෂිතයේ හොර රහසේ වගා කර තිබූ කංසා වගාවක් වටලා කංසා පැළ 11,110 ක් සමඟ අද (22) පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව කොස්ලන්ද පොලිසිය පැවසීය. 22 February 2020
හැටන් සිංගිමලේ රක්ෂිතයේ ගින්නක් හැටන් සිංගිමලේ රක්ෂිතයේ කොටසක අද (21) ගින්නක් හටගෙන ඇති බව පොලිසිය පැවසීය. 21 February 2020
බඹරකිරිඇල්ලේ දිය නෑමට ගිය අයෙක් මරුට රත්තොට බඹරකිරිඇල්ලේ දිය නෑමට ගිය තරුණයෙක් අද (21) දියේ ගිලි මියගොස් ඇති බව පොලිසිය කියයි. 21 February 2020
සංචාරකයින් දෙදෙනෙක් රැගෙන යාමට පැමිණි රියදුරාට පහරදීලා බේරුවල මොරගල්ල හෝටලයක සිටි සංචාරකයින් දෙදෙනෙකු ගුවන්තොටුපළ වෙත රැගෙන යාමට පැමිණි සංචාරක සමාගමක රියදුරෙකුට එම හෝටලය ඉදිරිපිට රථ ගාලේ රියදුරන් බව කියන පුද්ගලයන් තිදෙනෙකු අද (21) පහරදී ඇතැයි අලුත්ගම පොලිසිය කියයි. 21 February 2020
පොදු සමාකාලයේ දී 7310 ක් සිවිල් ආරක්ෂක බළකායට බාරවෙන්න කැමති වෙති සිවිල් ආරක්ෂක බළකාය හැරගිය භටයින් හා භටවරියන්ට නැවත බාරවීම සඳහා නිවේදනය කළ පොදු සමාකාලය තුළ 7310 ක් සිය කැමැත්ත පළ කර ඇතැයි එම දෙපාර්තමේන්තුව පවසයි. 21 February 2020
ඉන්ධනහළකින් ලක්ෂ 86 ක් වංචා කළ සේවකයකු අත්අඩංගුවට ගන්න විමර්ශන වැල්ලවාය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හළක සේවකයකු ලෙස කටයුතු කරමින් රුපියල් 8,620,000 ක් වංචා කළ පුද්ගලයකු අත්අඩංගුවට ගැනිමට විමර්ශනයක් ආරම්භ කළ බව මොණරාගල අපරාධ විමර්ශන අංශය පවසයි. 21 February 2020
බෝපත්තලාව කඳුවැටියේ ගින්නක් බෝපත්තලාව රජය ගොවිපලට බටහිර බැවුමේ පිහිටි බෝපත්තලාව කදුවැටියේ බගවන්තලාව ලින්ස්ටඩ් වතු යායට ඉහලින්අද (21) දහවල් පමණ ගින්න හටගෙන තිබේ. 21 February 2020
ගෞරීදේවී ඝාතනයේ සැකකරුවන් 6 දෙනා පෙරට්ටුවේ දී හඳුනාගනී ගෙල ඇතුළු ප්‍රදේශ කිහිපයකට කැපුම් තුවාල සිදුකරමින් කෲර සහගතව ඝාතනයට ලක්වූ බදුල්ලේ ගෞරීදේවි ඝාතනයේ සැකකරු බදුල්ල මහේස්ත්‍රාත් චමින්ද කරුණාදාස මහතා ඉදිරියේ පැවති හඳුනාගැනීමේ පෙරට්ටුවේ දී සාක්කිකරුවන් 6 දෙනා විසින් හඳුනා ගනු ලැබීය. 21 February 2020
හම්බන්තොට ධීවර වරායට මත්කුඩු ගෙන ගිය පුද්ගලයකු අත්අඩංගුවට හම්බන්තොට ධීවර වරායට විකිණීමට හෙරොයින් මත්කුඩු රැගෙන යමින් සිටි පුද්ගලයකු මාතර හම්බන්තොට දිසා වැටලීම් ඒකකයේ නිළධාරීන් විසින් අද (21) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 21 February 2020
ගව ඝාතකාගාරයක් වටලා සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට බණ්ඩාරගම අමුලුගම එපිටමුල්ල ප්රදේශාය් නීතිවිරෝධී අයුරින් පවත්වාගෙන ගිය ගව ඝාතකාගාරයක් වටලා මරා දමා තිබූ ගවයකුගේ මස් සමඟ සැකකරුවන් දෙදෙනකු අද (21) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය පවසයි. 21 February 2020
ගවයින් හොරෙන් ප්‍රවාහනය කළ අයෙක් ගම්පොළදී අත්අඩංගුවට හැටන් වැලිඔය වත්තේ සිට ගම්පොළ දක්වා බලපත්‍රයක් නොමැතිව ලොරි රථයකින් හිංසාකාරි ලෙස මස් පිණිස ගවයන් තිදෙනෙකු ප්‍රවාහනය කළ සැකකරුවෙකු ලොරි රථය සමග හැටන් කොට්ඨස දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් (21) දින අලුයම අත්අඩංගුවට ගෙන ඇත. 21 February 2020
බස් රථයකට යට වී පොලිස් කොස්තාපල්වරයෙක් මරුට බස් රථයකට යටවී පොලිස් කොස්තාපල්වරයෙක් අද (20) ජීවිතක්ෂයට පත්වී ඇති බව මස්කෙලිය පොලිසිය පැවසීය. 20 February 2020
හෝර්ටන්තැන්නට ගිනි දැල්වීමේ උපකරණ ගෙනගියාට දඩ හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුළුවීම, හවුලේ පතල් හැරීම , කැළෑව එළි කිරීම සහ ගිනි දැල්වීම යන චෝදනා සඳහා වරද පිළිගත් පුද්ගලයන් පස් දෙනෙකුට රුපියල් ලක්ෂ 10 ක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (20) නියෝග කළේය. 20 February 2020
වතු නිවාස පෙළක ගින්නක් ආගරපතන ඩයගම නැගෙනහිර පහළ කොටසේ වතු නිවාස පෙළක අද (20) හටගත් ගින්නකින් වතු නිවාස හයක් සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති බව ඩයගම පොලිසිය පවසයි. 20 February 2020
රත්ගම ද්විත්ව ඝාතනයේ සැකකරුවෝ 17 දෙනා යළි රිමාන්ඩ් රත්ගම ද්විත්ව ඝාතන නඩුවේ සැකකාර පොලිස් නිලධාරින් 15 දෙනා සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් දෙදෙනා ඇතුළු සැකකරුවන් 17 දෙනා තවදුරටත් ලබන මස 4 වැනිදා දක්වා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (20) නියෝග කළේය. 20 February 2020
නිධන් හැරීමට ගිය දෙදෙනකු එස්.ටී.එෆ් අත්අඩංගුවට දඹුල්ල අතුපාරයාය බුලන්වල නිවසක් පිටුපස නිධානයක් ගැනීම සඳහා පොළොව කැණීම් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනකු අද(20) දින පස්වරුවේ දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. 20 February 2020
හෝර්ටන්තැන්නේ ගෝනකු මැරූ තුනකට දඩ හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුළු වී දැඩි ආරක්ෂිත ක්ෂීරපායි සතෙකු වන ගෝනෙකු මරා මස් කිරීම, හවුලේ මස් සන්තකයේ තබා ගැනීම, මස් වේළීම සඳහා මැස්සක් තැනීමට හවුලේ පරිසර පද්ධතිය විනාශ කිරීම යන චෝදනාවන්ට වරද පිළිගත් පුද්ගලයන් තිදෙනෙකුට දඩ ගෙවීමට නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (20) නියෝග කළේය. 20 February 2020
අන් අයෙකු ලෙස පෙනී සිටි අයෙකු රිමාන්ඩ් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩුවක චුදිත වෙනුවට වෙනත් අයෙකු ලෙස පෙනී සිටීම සම්බන්ධයෙන් වරද පිළිගත් අයෙකු ලබන මස 5 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (20) නියෝග කළේය. 20 February 2020
විවිධ අඩුපාඩු සහිත වාහන 47 කට බදුල්ලේදී තහනම් නියෝග බදුල්ල දිස්ත්‍රික් මෝටර් රථ පරීක්ෂක නිලධාරින්, බදුල්ල පොලිසිය හා එක්ව අද (20)බදුල්ල නගරයේ දී කළ රථවාහන පරික්ෂාවේදී විවිධ අඩුපාඩු සහිත වාහන 47 කට කට තහනම් නියෝග පැනවීය. 20 February 2020
ලක්ෂ 6 ක මත්කුඩු සමඟ තරුණයකු අත්අඩංගුවට රුපියල් ලක්ෂ 6 ට ආසන්න වටිනා මත්කුඩු පැකට් 500 ක් සමඟ 19 හැවිරිදි තරුණයකු මාලිගාවත්ත කෙත්තාරාම හංදියේ දී කොළඹ මධ්‍යම කොට්ඨාස දුෂණ මර්දන ඒකකයේ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි. 20 February 2020
බදුල්ලේ විදුහල්පතිවරයකුට එරෙහිව විශේෂ විමර්ශනයක් බදුල්ල නගරයේ සිංහල මාධ්‍ය පාසලක සිසුන් දෙදෙනකු ඉවත් කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම පාසලේ විදුහල්පතිවරයාට එරෙහිව ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක පියදාස රත්නායක මහතාගේ නියමයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. 20 February 2020
මනුෂ්‍ය ඝාතනයකට අයෙකුට මරණ දඬුවම වයස අවුරුදු 12 ක පිරිමි දරුවෙකුට පොල්ලකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියකට වරදකරු වූ අයෙකුට මොණරාගල මහාධිකරණ විනිසුරු එන්.ටී.එන් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය අද (19) මරණ දඬුවම නියම කළාය. 19 February 2020
බෝර 12 ගිනි අවියක් සමඟ අයෙකු අත්අඩංගුවට බලපත්‍ර රහිත විදේශ රටක නිෂ්පාදිත බෝර දොළහ පතොරම් තුවක්කුවක් සමඟ සැකකරුවෙක් නයාදොළ ප්‍රදේශයේදී අද (19) අත්අඩංගුවට ගත්බව මොරවක පොලිසිය පවසයි. 19 February 2020
සතුන් ප්‍රවාහනයේදී මධ්‍යම පළාතේ දැඩි නීතී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සතුන් අතර පැතිර යන මුඛ හා කුර රෝගය පාලනය කිරීම සඳහා මධ්‍යම පළාත තුළද සතුන් ප්‍රවාහනය කිරීමේදී දැඩි කොන්දේසි පනවා ඇතැයි බව මධ්‍යම පළාත් සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ආර්. එම්. කේ. පී.රාජනායක මහත්මිය ප්‍රකාශ කළාය. 19 February 2020
බස් රථයකට යටවී කාන්තාවක් මරුට පන්නිපිටිය ගුවන් පාලම අසලදී බස් රථයකට යට වීමෙන් යතුර පැදියක ගමන් ගත් කාන්තාවක මියගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි මහරගම පොලිසිය කියයි. 19 February 2020
මොරවක ඇතා මල ඇල්ලේ ගිලී තරුණයෙක් මරුට මොරවක , අතුඇළ ඇතා මල ඇල්ලේ දිය නා විනෝද වීමට පැමිණි තරුණයින් සිව් දෙනෙකුගෙන් එක් අයෙකු දියේ ගිලී අද (19) මිය ගොස් ඇතැයි මොරවක පොලිසිය පවසයි . 19 February 2020
ඌවේ රැකියා විරහිත ගුරු උපාධිධාරීහු උපවාසයක ඌව පළාතේ ගුරු විභාගය සමත් රැකියා විරහිත උපාධිධාරීන් (19) අද පස්වරුවේ ඌව පළාත් සභා පරිශ්‍රයට ඇතුලු වී බිම වාඩිවී උපවාසයක නිරතව සිටියහ . 19 February 2020
කාන්තාවන්ට පිහියෙන් ඇන්න පුද්ගලයෙකු රිමාන්ඩ් කාන්තාවන් දෙදෙනෙකුට පිහියෙන් ඇන එක් අයකු ඝාතනය කර, අනෙකාට තුවාල කිරීමේ සිද්ධියක් සම්බන්ධව චෝදනා ලැබ අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවකු මාර්තු 4 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස බදුල්ල මහේස්ත්‍රාත් චමින්ද කරුණාදාස මහතා අද(19) නියෝග කළේය. 19 February 2020
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026