දිඹුලාගල කලාපයේ පාසල් 101කට ගුරුවරු 313ක් හිඟයි දිඹුලාගල අධ්‍යාපන කලාපයේ, අරලගංවිල වැලිකන්ද යන අධ්‍යාපන කොට්ඨාසවල පාසල් 101ක් සඳහා ගුරුවරුන් 313දෙනෙකු හිඟවීම හේතුවෙන් පාසල් දරුවන් අසීරුතාවට පත්ව ඇතැයි කලාපයේ මව්පියවරු කියති. 25 February 2020
තල් ආහාර නිපැයුම් පාඨමාලාවක් තල් ආහාර නිෂ්පාදනය පිළිබඳ වෘත්තීය පාඨමාලාවක් ඇරඹීමට තල් සංවර්ධන මණ්ඩලය පියවර ගෙන ඇත. 25 February 2020
අලුත්ගම- දර්ගා නගරයේ ආපනශාලා 18කට නඩු අලුත්ගම සහ දර්ගානගරයේ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආකාරයෙන් ආහාර අලෙවි කළ ආපනශාලා 18ක හිමිකරුවන් අද(25) අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළ බව කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යාතන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්. ජී. සිංහබාහු මහතා පවසයි. 25 February 2020
මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ මුල් පුටුව පළමු වරට කාන්තාවකට ලංකාවේ පැරණිම දෙපාර්තමේන්තුව වන මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ 50 වැනි සර්වේයර් ජනරාල්වරිය ලෙස ශ්‍යාමලි චිත්රලේඛා පෙරේරා මහත්මිය පත්ව ඇත. 25 February 2020
රක්ෂිතයක් බලෙන් අත්පත් කරගත් බව කියමින් නාවුල වැසියෝ උද්ඝෝෂණයක මොරගහකන්ද ජලාශයේ ජල උල්පත් පිහිටි නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් ඕපල්ගල රක්ෂිතය ව්‍යාපාරිකයෙකු අත්පත් කරගෙන ඇතැයි කියමින් පරිසර සංවිධාන කිහිපයක් සහ ඔපාල්ගල ගම්වැසියන් පිරිසක් අද ( 25) නාවුල නගර මධ්‍යයේ උද්ඝෝෂණක් පැවැත්වූහ. 25 February 2020
වැලිමඩ සතිපොළෙහි නව ගොඩනැගිලි සංකීර්ණය ජනතා අයිතියට වැලිමඩ නගරය සංවර්ධන කිරීමේ ව්‍යාපෘතිය යටතේ වැලිමඩ සතිපළෙහි සියලු පහසුකම් සහිතව ඉදිකරන ලද ගොඩනැගිලි සංකීර්ණය අමාත්‍යවරුන් වන ගාමිණි ලොකුගේ හා නිමල් සිරිපාල ද සිල්වා මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් අද(25) විවෘත කෙරිණි. 25 February 2020
මන්නාරමේ වෙළඳසැළක ගින්නක් මන්නාරම එරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයේ පිහිටි වෙළඳසැලක අද (25) අලුයම ඇති වූ ගින්නකින් වෙළඳසැළට දැඩි හානි සිදුව ඇති බවට පේසාලෙයි පොලීසිය පවසයි. 25 February 2020
වෙඩි තැබීමකින් ත්‍රිරෝද රථ රියැදුරෙක් මරුට හොරණ ප්‍රදේශයේදී යතුරු පැදි දෙකකින් පැමිණි පිරිසක් කළ වෙඩි තැබීමකින් ත්‍රි රෝද රථ රියැදුරකු මියගොස් ඇතැයි හොරණ පොලිසිය කියයි. 25 February 2020
ඔක්කම්පිටිය බෝගහ හන්දියෙන් තරුණයකුගේ මළ සිරුරක් හමුවෙයි ඔක්කම්පිටිය පොලිස් වසමේ බෝගස් හංදිය අසල පාර අයිනේ තිබී තරුණයකුගේ මළ සිරුරක් අද (25) අලුයම සොයා ගත් බව පොලිසිය පවසයි. 25 February 2020
අඩවි වන නිලධාරීන් පිරිසකට මැර ප්‍රහාරයක් තිරප්පනේ නාච්චාදූව ප්‍රදේශයේ දී වන සංරක්ෂණ දෙපාරතමේන්තුවේ නිලධාරීන් පිරිසකට අද (24) මැර ප්‍රහාරයක් එල්ල වී තිබේ. 24 February 2020
බස්රථයක් - මෝටර් රථයක් ගැටී අයෙක් මරුට වැල්ලවාය තණමල්විල මාර්ගයේ අද (24) රාත්‍රී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි කුඩාඹය පොලිසිය පැවසීය. 24 February 2020
ගින්නකින් කාසල්රි ජලාශ රක්ෂිතයේ අක්කර 10 විනාශයි කාසල්රි ජලාශ රක්ෂිතයේ අද (24) පස්වරුවේ හටගත් ගින්නකින් අක්කර 10 පමණ කොටසක් විනාශ වී ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසීය. 24 February 2020
කතරගම පොලිසියට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් කතරගම පොලිසිය මගින් තමන් නීති විරෝධීව අත්අඩංගුවට ගැනීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි සඳහන් කරමින් රුපියල් දස ලක්ෂයක වන්දියක් ඉල්ලා කතරගම වන්දනාවක නිරත වූ හංවැල්ල ප්‍රදේශයේ වන්දනාකරුවන් 35 දෙනකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (24) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහ. 24 February 2020
ජවීපෙ - ටීඑන්ඒ සමඟ කිසිඳු සාකච්ඡාවක් පවත්වා නෑ ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය සමඟ මැතිවරණයක් සඳහා සන්ධාන ගතවීමේ කිසිඳු සාකච්ඡාවක්වත් පවත්වා නොමැති බව ශ්‍රී ලංකා මුස්ලිම් කෝන්ග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා අද (24) පැවසීය. 24 February 2020
නිධන් හැරීමට ගිය සෙබළුන් දෙදෙනකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ඌව පරණගම මානා ඇල්ල දිය ඇල්ල අසල පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් භූමියක නිධන් හෑරීමට පැමිණි යුද හමුදා සෙබළුන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු අද (24) අත්අඩංගුවට ගෙන ඇතයි ඌවපරණගම පොලීසිය පැවසීය. 24 February 2020
විදුලි සැර වැදී දරුවෙක් මිය යයි විදුලි සැර වැදීමෙන් බරපතල තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ දරුවෙකු අද (24) මියගිය මියගොස් ඇතැයි බදුල්ල පොලිසිය පවසයි. 24 February 2020
අහිමි කළ විශ්‍රාම වැටුප ඉල්ලා තංගල්ලේ විරෝධතාවයක් අහිමි කළ විශ්‍රාම වැටුප ලබාදෙන ලෙස ඉල්ලා අද (24) තංගල්ල නගරයේ දී විරෝධතාවක් පැවැත්විණි. 24 February 2020
කඳුරට ජනතා පෙරමුණ මහ මැතිවරණයේදී තනිව තරග කිරීමට යයි ඉදිරියේදි පැවැත්වෙන මහ මැතිවරණයේදි දමිල ප්‍රගිතිශීලි සන්ධානය නුවරඑළිය දිස්ත්‍රික්කය සදහා අපෙක්ෂකයන් සිව්දෙනෙකු ඉදිරිපත් කළ හොත් කඳුරට ජනතා පෙරමුණ දමිල ප්‍රගිතිශිලි සන්ධානයෙන් ඉවත් වී තම පක්ෂයේ උදැල්ල සලකුණ යටතේ තනිවම තරග කිරීමට තීරණය කර ඇති බව කඳුරට ජනතා පෙරමුණේ මහ ලේකම් ඒ.ලෝරන්ස් මහතා පැවසීය. 24 February 2020
බදුල්ලේ සිසුන් 4 දෙනා මිය යාම සම්බන්ධයෙන් ගුරුවරුන් 8 දෙනෙකුට තාවකාලික මාරුවීම් ත්‍රිකුණාමලය මැදවච්චිය වැවේ දිය නෑමට ගිය පාසල් සිසුන් සිව්දෙනෙකු දියේ ගිලී මියයෑමේ සිද්ධියට සම්බන්ධ හාලිඇල බ/ඌව විද්‍යා විද්‍යාලයේ ගුරුවරුන් 8 දෙනෙකු තාවකාලිකව වෙනත් පාසල්වලට අනුයුක්ත කිරීමට අධ්‍යාපන බලධාරීන් පියවර ගෙන තිබේ. 24 February 2020
‘‘සුළු ජාතික පක්ෂවල එකමුතුවෙන් නව පුළුල් එකමුතුවක් හදනවා‘‘ සුළු ජාතික පක්ෂවලට එරෙහිව ක්‍රියාත්මක කරනු ලබන ප්රජාතාන්ත්ර විරෝධී ක්‍රියාවන්ට සාමූහිකව මුහුණ දීම සඳහා සුළු ජාතික පක්ෂ මෙන්ම සිවිල් සංවිධානද එක් කර පුළුල් එකමුතුවක් පිහිටුවීමට කටයුතු කර ඇති බව ශ්‍රී ලංකා මුස්ලිම් කෝන්ග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා කීය. 23 February 2020
‘‘පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පවත්වනවා‘‘ මහමැතිවණය අවසන් වූ වහාම පළාත් සභා මැතිවරණය පවත්වන බවත් එය පැරණි ක්‍රමයට පැවත්වීමට තීරණය කර ඇති බවත් අධිකරණ හා පුනරුත්තාපන නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා බදුල්ල ඌව පළාත් සභා පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවැති උත්සවයකදී අද (23) පැවසීය. 23 February 2020
ලොරිය පෙරැළී රියදුරුට බරපතලයි වැලිමඩ නුවරඑළීය ප්‍රධාන මාර්ගයේ කැප්පෙටිපොල දඹගහපල්ලම ප්‍රදේශයේදී ලොරි රථයක් මාර්ගය හරහා පෙරළීයාමෙන් එම ලොරි රථයේ රියදුරු බරපතල තුවාල ලබා අද (23) වැලිමඩ මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි වැලිමඩ පොලිසිය පවැසීය. 23 February 2020
ශ්‍රී පාද වන්දනාවේ පැමිණි පිරිසකට බඹර ප්‍රහාරයක් ශ්‍රී පාද වන්දනාවේ පැමිණි පිරිසකට අද (23) එල්ල වූ බඹර ප්‍රහාරයකින් 17 දෙනෙක් තුවාල ලබා නෝටන්බ්‍රීජ් වෛද්‍ය මධ්‍යස්ථානය වෙත ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා නාවලපිටිය මූලික රෝහට ඇතුළත් කර ඇති බව පොලිසිය පැවසීය. 23 February 2020
කොත්මලා ජලාශයේ තිබී පුද්ගල මළ සිරුරක් හමුවෙයි ඉහළ කොත්මලා ජලාශයේ පාවෙමින් තිබූ පුද්ගල මළ සිරරුක් අද (23) සොයා ගත්බව තලවකැලේ පොලිසිය පැවසීය. 23 February 2020
හෙරොයින් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට නාවික හමුදා බුද්ධි අංශය ලබාදුන් තොරතුරු මත පොලිස් විශේෂ කාර්ය බලකායේ අම්පාර කඳවුරේ නිලධාරීන් හෙරොයින් ග්‍රෑම් 5 යි මිලි ග්‍රෑම් 750 ක් සමඟ සැකකරුවන් තිදෙනෙක් අද (23) අත්අඩංගුවට ගෙන තිබේ. 23 February 2020
‘‘බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම සෑම රජයකම වගකීමක්‘‘ බුද්ධ ශාසනය ආරක්ෂා කර පෝෂණය කිරීම සෑම රජයකම වගකීම බවත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන්ව ඇති බවත් මහනුවර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක සහ පාර්ලමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීය. 23 February 2020
බගවන්තලාව වතු නිවාස 50 කට මුල්ගල් බගවන්තලාව ප්‍රදේශයේ වතු නිවාස 50 ක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම ප්‍රජා සවිබල ගැන්වීමේ සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) සිදුකෙරිණි. 23 February 2020
ත්‍රිරෝද රථයේ ගැටී කාන්තාවක් මරුට මඩකලපුව කාත්තාන්කුඩි පොලිස් බල ප්‍රදේශයේ කාත්තාන්කුඩි වෙරළ පාරේදී මාර්ගයේ ධාවනය වූ ත්‍රි රෝද රථයක ගැටී කාන්තාවක මිය ගිය බව කාත්තාන්කුඩි රථ වහන පොලිස් අංශය පවසයි. 23 February 2020
හල්දුම්මුල්ල-උඩවේරියවත්ත කන්දේ ගින්නක් හල්දුම්මුල්ල උඩවේරිය කිංස්ලින් වත්ත කන්දක අද( 23) පැතිර ගිය ගින්නකින් අක්කර 30ක පමණ ප්‍රදේශයක් විනාශ වී තිබේ. 23 February 2020
ගංජා කිලෝ 7ක් සමඟ සෙබළෙකු අත්අඩංගුවට බක්මිටියාව ගම්මානයේ නිවසක තිබූ ගංජා කිලෝ 7ක් සමග සිවිල් ආරක්ෂක බලකායේ සෙබළෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 23 February 2020
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026