IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


‘‘බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම සෑම රජයකම වගකීමක්‘‘

(මොහොමඩ් ආසික්)

බුද්ධ ශාසනය ආරක්ෂා කර පෝෂණය කිරීම සෑම රජයකම වගකීම බවත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන්ව ඇති බවත් මහනුවර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක සහ පාර්ලමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීය.

පූජාපිටිය උඩමුදුන ශ්‍රී පූර්වාරාම විහාරස්ථානයේ වසර 95 ක් පුරා පැවැත්වෙන පොසොන් පෙරහැරට අදාළ කෞතුක දෑ තැන්පත් කිරීම සඳහා ඉදි කරනු ලැබූ නව කෞතුකාගාරය  අද (23) වැනිදා විවෘත කිරීමෙන් අනතුරුව පැවැති උත්සවයේදී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව පැවසීය.

මෙහිදී තවදුරටත් අදහස් දැක් වූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේද කීය.

      ‘‘බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා ප්‍රතිපත්ති පූජාව වගේම ආමිස පූජාවත් වැදගත් කියලා. වෙහෙර විහාර ශාසනයේ දියුණුවට පෝෂණයට වැදගත්. අපි අසල්වැසි ඉන්දියාව ගත්තොත්  අශෝක රජ තුමාගේ කාලයේ වෙහෙර විහාර 84,000 ක් හැදුවා.  මුළු ඉන්දියාවම බෞද්ධ රාජ්‍යයක් හැටියට ප්‍රසිද්ධ වුණා. නමුත් අද ඉන්දියාවේ බෞද්ධයන් සියයට එකක්වත් නෑ. ඒකට හේතුව තමයි උතුරු ඉන්දියාවෙන් ආව මෝගල්  ආක්‍රමණ හේතුවෙන් විහාරස්ථාන සියල්ල විනාශ කළා.

භික්ෂූන් වහන්සේලාට නේවාසිකව ඉන්න ස්ථානයක් නැති වුණා. භික්ෂූන් වහන්සේලා නැති වීමෙන් ශාසනය පරිහානියට පත් වුණා. නමුත් අපේ රටේ අපි සතුටු වෙන්න ඕන.1505 ඉදලා අවුරුදු 400 ක් යුරෝපීය ජාතින් තුනක් පාලනය කළා.

පෘතුගීසින් ලන්දේසීන් සහ ඉංග්‍රීසින් එහෙම රට පාලනය කරලත් අපේ රටේ ශාසනය විනාශ කරන්න බැරිවුණා. ශාසනය විනාශ කරන්න බැරිවුණේ අපේ භික්ෂූන් වහන්සේලාගේ ධෛර්යය හේතුවෙන්. යුරෝපීය පාලකයන් අවුරුදු 400 ක් මේ රට පාලනය කරලත් අපේ රටේ ශාසනය ආරක්ෂා කර ගන්න පුළුවන් වුණා.

කවුරු බලයට පත් වුනත් හැම ආණ්ඩුවකම වගකීමක් යුතුකමක් තියෙනවා බුද්ධ ශාසනය පෝෂණය කරන්න.අපේ රටේ ව්‍යවස්ථාවේත් ඒක සඳහන් වෙලා තියෙනවා.

බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය දිය යුතුයි කියලා සඳහන් වෙනවා. පසුගිය රජයේ උඩරට උරුමය අමාත්‍යවරයා ලෙස මට වාසනාව ලැබුණා මේ දිස්ත්‍රික්කයේ හැම පන්සලකටම වාගේ උදව් කරන්න.  එහෙමත් පන්සලක් තමයි අත් ඇරුනේ.

මහාමාර්ග ඇමතිවරයා හැටියටත් උඩරට උරුමය පිළිබඳ ඇමතිවරයා හැටියටත්  මම මිලියන 1000 ක් විහාරස්ථානවලට ලබා දුන්නා.  මෙහෙම මුදලක් ලැබීම මහනුවර දිස්ත්‍රික් ඉතිහාසයේම සිද්ධවෙලා නෑ.

ඒ වගේම අපේ හිටපු අගමැතිතුමත් හැම පන්සලකටම වාගේ උදව් කරල තියෙනවා. දැන් නව රජයක් බලයට පත් වුණා. අපි ප්‍රාර්ථනා කරනවා අපි කරපු ශාසනික වැඩකටයුතු  ඉදිරියට ගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා‘‘ යැයිද මෙහිදී මන්ත්‍රීවරයා කීය.

 



අදහස් (0)

‘‘බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම සෑම රජයකම වගකීමක්‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31845 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14309 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11171 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 244 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1177 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 338 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site