බදුල්ලේ ගිනි ගැනීම් දෙකක් බදුල්ල දිස්ත්‍රික්කය තුළ විශාල ගිනි ගැනීම් දෙකක් අද (01) සවස සිට පැතිර යන බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. 01 March 2020
නල්ලතන්නිය කසළ අංගනයේ හටගත් ගින්න පාලනය කරයි නල්ලතන්නිය පොලිස් වසමට අයත් රිකාටන් ෆයිනස් වන වගා රක්ෂිතයේ සහ නල්ලතන්නිය රිකාටන් කසළ අංගනයේ අද (1) හටගත් ගින්න දැඩි පරිශ්‍රමයක් දරා පාලනය කිරිමට සමත් වූ බව නල්ලතන්නිය පොලිසියේ ස්ථනාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ලක්සිරි ප්‍රනාන්දු මහතා පැවසීය. 01 March 2020
බාලවයස්කාර දැරියට අතවර කළ පුද්ගලයකු අත්අඩංගුවට වයස අවුරුදු අටක බාලවයස්කාර දැරියකට ලිංගික අපයෝජනයක් කළ බව කියන 68 හැවිරිදි පුද්ගලයකු අද (1) අත් අඩංගුවට ගත් බව දංකොටුව පොලිසිය කියයි. 01 March 2020
සැරයන්වරයකුගේ මළ සිරුරක් ගල්කිරියාගම ඇළක තිබී හමුවෙයි පොලිස් සැරයන්වරයකුගේ මළ සිරුරක් ගල්කිරියාගම කිරලව ඇළක තිබියදී අද (01) පෙරවරුවේ සොයා ගත් බව කැකිරාව පොලීසිය කියයි. 01 March 2020
හොරණ ත්‍රීරෝද රථ රියදුරකුට වෙඩි තැබූ දෙදෙනා අත්අඩංගුවට හොරණ ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථ රියදුරකුට වෙඩි තබා ඝාතනය කර තවත් ත්‍රිරෝද රථ රියදුරෙකුගේ නිවසට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනා හොරණ ගල්පොත්ත රබර් වත්තක් තුළදී අද (1) අලුයම අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 01 March 2020
කඩු-අත් බෝම්බ සමඟ 5 දෙනකු උතුරේදී අත්අඩංගුවට උතුරු පළාත තුළ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී විවිධ අපරාධ වලට සම්බන්ධ පුද්ගලයන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි. 01 March 2020
දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකුට බරපතල තුවාල බෙලි අත්තේ සිට කොළඔ බලා ධවනය කල දුම්රියේ ගැටිමෙන් තරුණයකු බරපතල තුවාල ලබා කරාපිටය රෝහලට ඇතුලත් කල බව හික්කඩුව පොලිසිය කියයි. 29 February 2020
දියේ ගිලී විදේශිකයකු ජීවිතක්ෂයට වැලිගම පොල්අතු මෝදර ප්‍රදේශයේ මුහුදේ දිය නෑ බ්‍රිතාන්‍ය ජාතිකයකු අද (29) දහවල් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි වැලිගම පොලිසිය පවසයි. 29 February 2020
සුන්දරාපොළ කසළ කන්දේ ගින්නක් කුරුණෑගල මහා නගර සභාව මගින් පාලනය වන සුන්දරාපොළ කසළ කන්දේ අද (29) පෙරවරුවේ සිට හටගෙන ඇති ගින්නක් මැඩ පැවැත්වීමට කුරුණෑගල මහා නගර සභාවේ ගිනි නිවීම් ඒකකය සහ කුරුණෑගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එක්ව දැඩි උත්සාහයක යෙදී සිටිති. 29 February 2020
වාලමලේ කන්දේ ගින්නක් නිවාදමයි ශ්‍රී පාද කඳු රක්ෂිතයට මායිම්ව පිහිටි වාලමලේ කන්දේ දින දෙකක් පුරා පැතිර ගිය මහා ගින්නක් අද (29) අලුයම වන විට සම්පූර්ණයෙන්ම මැඩ පැවැත්වීමට හැකිවූ බව නුවරඑළිය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. 29 February 2020
ශිෂ්‍යයෙකුට පහර දුන් සිසුන් 6 ක් අත්අඩංගුවට පාසල් ශිෂ්‍යයෙකුට පහරදී තුවාල සිදුකළේ යැයි සැකපිට සිසුන් 6 දෙනෙකු බදුල්ල පොලිසිය විසින් අද (29) අත්ඩංගුවට ගෙන තිබේ. 29 February 2020
මන්නාරම වෙරළ තීරයෙන් ගංජා කිලෝ 12ක් මන්නාරම වංකාලේ වෙරළ තීරයේ අද (28) සිදුකළ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 12ක් නාවික හමුදාව භාරයට ගෙන ඇත. 28 February 2020
පොලිස් නිලධාරියකුට පහරදුන් අයෙක් අත්අඩංගුවට හපුතලේ බෙරගල නගරයේදී පොලිස් නිලධාරියකුට පහරදුන් බව කියන පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගෙන බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව මාර්තු මස පස්වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් කීර්ති කුඹුරු හෙන මහතා නියම කළේය. 28 February 2020
සුසාන භූමියේ කළහකාරී ලෙස හැසිරුණු සිව්දෙනා අත්අඩංගුවට යාපනය,පුත්තූර්,කින්දුපිට්ටි හින්දු සුසාන භූමිය වෙත මෘත දේහයක් අදාහනය කිරීමට විරෝධය පලකරමින් කළහකාරීව හැසිරුණු පුද්ගලයින් සිව්දෙනකු අද (28) සැකපිට අත්අඩංගුවට ගත් බව අච්චුවේලි පොලිසිය පවසයි. 28 February 2020
පාසල් බසය පෙරැළි සිසුන් තිදෙනකු රෝහලේ මහනුවර තලාතුඔය අංකෙලිපිටිය ප්‍රදේශයේදී පාසල් ළමුන් ප්‍රවාහානය කරමින් සිටි පාසල් බස් රථයක් අද සවස හපුතලේ මහ විදුහල අසලදී මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්වීමෙන් බරපතල තුවාල ලැබූ සිසුන් තිදෙනෙක් ප්‍රතිකාර සදහා තලාතුඔය රෝහලට ඇතුළත් කර ඇත. 28 February 2020
උද්ඝෝෂණ ස්ථානයට වෙනත් නමක් ‘උද්ඝෝෂණ ස්ථානය’ලෙස සිංහල,ඉංග්‍රීසි සහ දෙමළ යන භාෂා ත්‍රිත්වයෙන් නම් කර සවි කර තිබූ ඉංග්‍රීසි යෙදුම ‘ AGITATION SITE‘ සහිත නාම පුවරුව ‘DEMONSTRATION SITE ‘ ලෙස යොද අද නම් කර තිබිණි. 28 February 2020
අතුරුමාර්ගවල කසළ එකතු කිරීමට ’කුරුම්බැට්ටියා’ පාපැදියක් එයි කසළ එකතු කිරීමේ කම්පැක්ටර් රථ හා ට්‍රැක්ටර්වලට ගමන් කළ නොහැකි අතුරු මාර්ගවල කසළ එක්රැස්කිරීම සඳහා ‘කුරුම්බැට්ටියා’ නැමති පසුපස බක්කියක් සහිත පාපැදි මිලදී ගැනීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ. 28 February 2020
දුම්රිය සේවකයන් 1200දෙනෙකුට ස්ථිර පත්වීම් ප්රදානය කෙරේ දුම්රිය අනියම්, ආදේශක, තාවකාලික සහ කොන්ත්‍රාත් පදනම යටතේ සේවය කළ සේවකයන් 1200දෙනෙකුට ස්ථිර පත්වීම් ලිපි අද(28) ප්රදානය කෙරිණි. 28 February 2020
‘ෆෙයාර් ටැක්සි’ කුලී රථ රියදුරු සංගමය විරෝධතාවක කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පරිශ්‍රයේ සේවයේ නියුතු ‘ෆෙයාර් ටැක්සි’ කුලී රථ රියදුරු සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයක් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය අසළ අද (28) පැවැත්විණ. 28 February 2020
අ‘පුර ඩී.එස්.වට රවුමේ උද්ඝෝෂණයක් කැකිරාව බීට්ටු වන නිලධාරී කාර්යාලයේ නිලධාරීන් දෙදෙනකුට පහරදීමේ සිද්ධියට විරෝධය පලකරමින් අද (28) දහවල් අනුරාධපුර ඩි.එස් වට රවුම ඉදිරි පිට වන සංරක්ෂණ නිලධාරීන් උද්ඝෝෂණ යක නිරත වු 28 February 2020
භූගත ජල ගැලීමකින් පුත්තලමේ නිවාස 40ක ජනයා පීඩාවට දැනට මාස පහක පමණ කාලයක සිට භූගතව වන බවට සැකකරන ජල ගැලීමක් හේතුවෙන් තමන් දැඩිසේ පීඩාවට පත්වී සිටින බව පුත්තලම නගර සභා බල ප්‍රදේශයට අයත් සේනකුඩිරිප්පුව ජුසේවාස් මාවත හා කෝවිල පාර ප්‍රදේශයේ නිවාස 40 පමණ පදිංචිකරුවෝ පවසා සිටිති. 28 February 2020
නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරාගන්නැයි විරෝධතාවක් මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල වහාම රජයට පවරා ගෙන එහි සේවකයින්ගේ රැකියාව සුරක්ෂිත කරන ලෙස ඉල්ලමින් රෝහලේ අන්තර් සමාගම් සේවක සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයක් කොළඹ කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය අසළ අද (28) පැවැත්විණ. 28 February 2020
පුද්ගලයෙකුගෙන් පහර කෑ පොලිස් නිලධාරියා රෝහලේ හල්දුම්මුල්ල නගරය ආසන්නයේ පිහිටි හෝටලයක් අසලදී පොලිස් රථවාහන අංශයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකු අද (28) පුද්ගලයෙකු පහරදීම නිසා අසාධ්‍ය තත්වයෙන් හල්දුම්මුල්ල දිසා රෝහලට ඇතුලත් කර ඇතැයි හල්දුම්මුල්ල පොලීසිය පැවසීය. 28 February 2020
කළමැටිය වෙරළේ කැස්බෑ බිත්තර හෑරූ දෙදෙනෙකු අත්අඩංගුවට අම්බලන්තොට කළමැටිය කැස්බෑ අභය භූමියට අයත් වෙරළ තීරයේ දි අද(28) කැස්බෑ බිත්තර හාරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව හුංගම කළමැටිය වනජීවී කාර්යාලයේ අඩවි සහකාර එල්.ටී ධම්මික මහතා කීය. 28 February 2020
බලපත්‍ර නොමැතිව තේක්ක ගසක් කැපූ අයෙකු අත්අඩංගුවට බලපත්‍රයක් නොමැතිව සිය ගෙවත්තේ තිබූ තේක්ක ගසක් කපා ඉරමින් සිටි පුද්ගලයෙකු ඉරන ලද දැව තොගය සමඟ අද (28) සැකපිට අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය පවසයි. 28 February 2020
හල්දුම්මුල්ල කොටුගොඩැල්ල කන්දේ ගින්නක් හල්දුම්මුල්ල කොටුගොඩැල්ල කන්දේ අද (28) උදෑසන ඇතිවූ හදිසි ගින්නක් විශාල ලෙස පැතිර යන බවත් ගින්න නිවීම සඳහා දියතලාව යුද හමුදාව කැඳවා ඇති බවත් හල්දුම්මුල්ල අඩවි වන නිලධාරී කාර්යාලයේ බීට්ටු වන නිලධාරී ආර්.එම්. රංජිත් මහතා පැවසීය. 28 February 2020
ආනයනය කළ ටින් මාළු කන්ටේනර් වරායේ සිරවෙයි ආනයනය කරන ලද ටින් මාළු කන්ටේනර් කිහිපයක් කොළඹ වරාය තුළ සිර වී තිබෙන බව රේගු ආරංචි මාර්ග සඳහන් කරයි. 28 February 2020
නෙවිල් ප්‍රනාන්දු රෝහලේ සේවකයෝ විරෝධතාවයක මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ සේවකයින් වන තමන් වසර හතරක් පුරා නිසි වැටුප් වැඩිවීම් සහ උසස්වීම් ඇතුළු ගැටළු ගණනාවක් නිසාවෙන් පීඩාවට පත්ව ඇති මුත් බළධාරීන් එයට අවශ්‍ය නිසි පියවර නොගැනීමට විරෝධය පා පිරිසක් අද (28) උදෑසන රෝහල ඉදිරිපිට දී විරෝධතාවයක නිරතවුහ. 28 February 2020
අනුමැතිය නොමැති ලිහිසි තෙල් අලෙවි කළ 8 කට නඩු පෙට්‍රෝලියම් සමාගමේ අනුමැතිය නොමැති ලිහිසි තෙල් සහ ග්‍රීස් වර්ග අලෙවි කිරීම සම්බන්ධයෙන් බදුල්ල, බණ්ඩාරවෙල, වැලිමඩ සහ හපුතලේ යන නගරවල ඉන්ධන පිරවුම්හල් සහ වෙළඳසැල් හිමියන් 08 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය පියවර ගෙන තිබේ. 27 February 2020
බසයේ හැපී සිසුවියක් මරුට වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ කුඩාඔය අලියකන්ද ප්‍රදේශයේදී විදේශීය සංචාරකයින් ප්‍රවාහනය කරමින් තිබූ සුඛෝපභෝගී බස් රථයක හැපීමෙන් අද (27) පාසල් සිසුවියක් මියගොස් ඇතයි තණමල්විල පොලීසිය පැවසීය. 27 February 2020
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026