( රොමේෂ් ධනුෂ්ක සිල්වා )
‘උද්ඝෝෂණ ස්ථානය’ලෙස සිංහල,ඉංග්‍රීසි සහ දෙමළ යන භාෂා ත්‍රිත්වයෙන් නම් කර සවි කර තිබූ ඉංග්‍රීසි යෙදුම ‘ AGITATION SITE‘ සහිත නාම පුවරුව ‘DEMONSTRATION SITE ‘ ලෙස යොද අද නම් කර තිබිණි.
පෙර නාම පුවරුවෙන් ‘ආවේගය, කලහය , කලබලය , කැළඹීම වැනි අරුත් ඇති නිසා සමාජ ක්‍රියාකාරීන් විසින් එම වචනයට දැඩි දෝෂාරෝපණ එල්ල කරන හෙයින් පෙර නාම පුවරුව ඉවත් කර ආදර්ශනය , ප්‍රදර්ශනය, නිරූපණය, සාධනය යන අරුත් ගෙන දෙන මෙම නව පුවරුව සිවි කර තිබේ.
උද්ඝෝෂණ කිරීම සඳහා වෙන් වූ ස්ථානයක් කොළඹ ජනධිපති ලේකම් කාර්යාලය අසළ පිහිටුවන ලද්දේ පසුගිය (05 ) වැනිදා සිටය.
ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් භාවිතයට ගනු ලැබූ වාහන නැවැත්වීමේ ස්ථානය මෙසේ “උද්ඝෝෂණ ස්ථානය” වශයෙන් නම් කර තිබෙන අතර මෙම පුවරුව සවිකිරීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය හෝ රජය මේ දක්වා කිසිඳු නිවේදනයක් නිකුත් කර නොමැති බව පැවසේ.

( නම සහිත පෙර සවි කළ නාම පුවරුව )



( වත්මන් නාමපුවරුව)
COMMENTS
ඔක්කොම හොඳයි. ගෙවලා සේවය ගන්න කියලා නියම කරලා ඔතන හොඳ ශාලාවක් වායු සමනය එහෙම එක්ක කැන්ටිමකුත් එක්ක හදලා දුන්න නම් කොහොමද? වැඩේ නැගල යන ගමන් රටට ආදායමකුත් ගන්න පුළුවන්. මොකද උද්ඝෝෂණ කරන්න වියදම් කරන සල්ලි එන්නේ එන් ජි ඕ වලින්. රටට බරක් නැහැ ඒ සල්ලි ගත්තට.