(දසුන් රාජපක්ෂ )
උතුරු පළාත තුළ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී විවිධ අපරාධ වලට සම්බන්ධ පුද්ගලයන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මංකොල්ල කෑම් සහ නීති විරෝධී ආයුධ සන්තකයේ තබා ගෙන සිටි පිරිසක් බව පොලිස් මූලස්ථානයේ ප්‍රකාශකයෙකු පැවසීය.
මෙම පුද්ගලයන් සන්තකයේ තිබී රන් භාණ්ඩ පව්ම් 16, අත්බෝම්බ දෙකක්,කඩු දෙකක් සහ යතුරුපැදි දෙකක් පොලිසිය භාරයට ගෙන ඇත. මන්නාරම සහ යාපනයේ පදිංචි කරුවන් වන මෙම සැකකරුවන් මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd