බඹරු ඇනීමෙන් පෙර පාසල් ළමුන් 16දෙනෙකු රෝහලේ බඹරු ඇනීමෙන් වැල්ලවාය හඳපානාගල පෙර පාසලක ළමුන් 16දෙනෙකු සහ ගුරුවරියක අද(06) හඳපානාගල ප්‍රා දේශීය රෝහලට සහ වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි. 06 March 2020
බෝර 12 ගිනි අවියක් සමඟ අයෙකු අත්අඩංගුවට බෝර 12 ගිනි අවියක් සහ උණ්ඩ සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු කටුවන පොලිසිය අද(06) අත්අඩංගුවට ගෙන තිබේ. 06 March 2020
මුව මස් සමග අයෙකු අත්අඩංගුවට දෙහිඅත්තකණ්ඩිය, සඳුන්පුර ප්‍රදේශයේදී මුව මස් කිලෝ 10ක් සමඟ පුද්ගලයකු අද(06) අත්අඩංගුවට ගත් බව මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ වනජීවී නිලධාරීහු පවසති. 06 March 2020
අහිමි කළ විශ්‍රාම වැටුප් ඉල්ලා අ’පුරේ විරෝධතාවක් රජයේ විශ්‍රාමිකයන්ගේ අහිමි කළ වැටුප් වහා ලබාදෙන ලෙස ඉල්ලා විශ්‍රාමිකයන්ගේ හිමිකම් සුරැකීමේ සංවිධානය අද(06) අනුරාධපුර ඩී. එස්. සේනානායක වටරවුම ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වුහ. 06 March 2020
ඇල්ල බොන්දිලිගල කඳුවැටියේ ගින්නක් ඇල්ල, බොන්දිලිගල කඳුවැටියේ අද(06) හදිසියේ ඇතිවූ ගින්නක් පැතිරයමින් පවතින බව ඇල්ල පොලිසිය කියයි. 06 March 2020
පස් කන්දකට යටවී දෙදරු පියා මරුට මාතලේ මඩවල උල්පත ප්‍රදේශයේ ජල ව්‍යාපෘතියක සේවය කරමින් සිටි 60 හැවිරිදි දෙදරු පියෙකු එම ස්ථානයේදී පස් කන්දකට යට වී මියගොස් ඇතැයි මහවෙල පොලීසිය කියයි. 06 March 2020
ලෝක ග්ලූකෝමා සතිය වෙනුවෙන් දික්ඔය වෛද්‍යවරු පාගමනක ලෝක ග්ලූකෝමා සතිය නිමිති කරගෙන දික්ඔය දිස්ත්‍රික් මූලික රෝහල විසින් සංවිධානය කරන ලද පාගමනක් අද(06) හැටන් නගරයේදි පැවැත්විණි. 06 March 2020
අ‘පුර හිටපු පා.ම ගෙන් කප්පම් ගත් සිද්ධියේ සැකකරු යළි රිමාන්ඩ් අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ඉෂාක් රහුමාන් මහතාගෙන් රුපියල් කෝටියක කප්පම් මුදලක් ලබා ගැනීමට තැත් කර ඉන් රුපියල් ලක්ෂ පහක මුදලක් ලබා ගනිද්දි අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශණ අංශය මගින් අත් අඩංගුවට ගෙන රිමාන්ඞ් බාරයට පත් කර සිටින සැකකරුවෙකු ඇප මත මුදා හරින්නැයි නීතිඥයෙකු කළ ඉල්ලීමක් කැකිරාව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් නිලත්ත විමලරත්න මහතා ප්‍රතික්ෂේප කළේය. 06 March 2020
පාරක් සාදා දෙන්නැයි ගම් වැසියෝ පාරට බසිති බණ්ඩාරවෙල ඇටම්පිටිය මාර්ගය සාදා දෙන්නැයි ඉල්ලා අද උදෑසන සිට ප්‍රදේශවාසීහු විරෝධතාවක නියැලෙති. 06 March 2020
වතු පාලනාධිකාරියට එරෙහිව ඉන්දියානු කාර්මික ශිල්පියෙක් විරෝධතාවයක හැටන් දිඹුල පොලිස් වසමට අයත් කොටගල වුටන් වතුයායේ කාර්මික නිලධාරියෙකු වශයෙන් සේවය කළ ඉන්දියානු ජාතිකයෙක්, වතු පාලන අධිකාරියට එරෙහිව අද(06) විරෝධතාවයක් ආරම්භ කළේය. 06 March 2020
හලාවත ජල යෝජනා ක්‍රමය අසළ පුද්ගල මළ සිරුරක් හලාවත මුන්නේශ්වරම හලාවත ජල යෝජනා ක්‍රමය අසළ මහ මග තිබි මළ සිරුරක් අද (6 ) උදෑසන හමුවු බව හලාවත පොලිසිය කියයි. 06 March 2020
කැස්බෑ පැටවුන් 17 ක් මුහුදට මුදාහරී සුනඛයන්ගේ ග්රහනයට හසුව සිටියදී බේරා ගත් කැස්බෑ පැටවුන් 17 දෙනකු අද (05) තංගල්ල පරෙවි වැල්ල වෙරළ තීරයේදී මුහුදට මුදා හැරිණි. 05 March 2020
වාහන අමතර කොටස් මුවාවෙන් බීඩි කොළ - දේවරූප ගෙන්වූ 4 ක් අත්අඩංගුවට වාහන අමතර කොටස් මුවාවෙන් ඉන්දියාවේ සිට මෙරටට එවා තිබූ දේවරූප හා බීඩිකොළ කිලෝ 350 ක් සහිත කන්ටේනරයක් විශේෂ කාර්ය බලකාය හා රේගු මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශය එක්ව සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගත්බව විශේෂ කාර්ය බලකාය පවසයි. 05 March 2020
මීරිගම කණ්ඩලම කන්දේ හටගත් ගින්නක් මැඩපත්වයි මීරිගම කණ්ඩලම කන්දේ අද (05) රාත්‍රී 7.00 ට පමණ ගින්නක් හට ගෙන තිබේ. 05 March 2020
ටිපර් රථ - යතුරුපැදි අනතුරින් අයෙක් මරුට ටිපර් රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණලා ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදියේ ගමන් ගත් තරුණයෙක් ජිවිතක්ෂයට පත් වී ඇති බව ගිනිගත්හේන පොලිසිය පැවසීය. 05 March 2020
ආසාත්මිකතාවකින් වවුනියාවේ සිසු-සිසුවියන් 60දෙනෙකු රෝහලේ ආසාත්මිකතාවයක් හේතුවෙන් වවුනියාවේ, පාසලක ඉගෙනුම ලබන සිසු සිසුවියන් 60දෙනෙකුට ආසන්න පිරිසක් අද(05) වවුනියාව මාමඩුව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇතැයි මාමඩුව පොලිසිය පවසයි. 05 March 2020
ලොරි - යතුරු පැදි අනතුරින් අයෙක් මරුට කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ බලන්ගොඩ ඇල්ලෙපොළ ප්‍රදේශයේදී අද (05) යතුරු පැදියක් ලොරි රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරු පැදිකරු එම ස්ථානයේදීම මියගොස් ඇතැයි බලන්ගොඩ පොලිසිය පවසයි. 05 March 2020
දියතලාවේ වන වගා රක්ෂිතයක ගින්නක් හපුතලේ අඩවි වන නිලධාරී කාර්යාලයට අයත්, දියතලාව වයි හන්දියට නුදුරින් පිහිටි රජයේ වනවගා රක්ෂිතයේ අද (5) ගින්නක් පැතිර යමින් පවතින බව හපුතලේ අඩවි වන නිලධාරී පියල් පෙරේරා මහතා පවසයි. 05 March 2020
දෙමහල් නිවසක උඩු මහලින් වැටී අයෙක් මරුට දෙමහල් නිවසක උඩු මහලේ සිට ඒ ආසන්නයේ වූ කජු ගසක කජු පුහුලන්වලට පොලිතින් ආවරණ යෙදීමට ගිය විදුලි බල මණ්ඩලයේ සේවකයකු වහලයෙන් වැටී අද(05) මිය ගොස් ඇතැයි කහතුඩුව පොලිසිය පවසයි. 05 March 2020
විහාරහේනේ ගම්වැසියෝ විරෝධතාවක ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම් අක්කර 200ක් පමණ අයිතිය තහවුරු කරගැනීම සහ මිනුම් කටයුතු කිරීම සඳහා එහි ගිය එනසල් වතුයායෙහි මිනින්දෝරුවන් පිරිසකට අද (05) එම ඉඩම්වල පදිංචිකරුවෝ විරෝධය දැක්වූහ. 05 March 2020
වෘත්තීය පුහුණු අධිකාරිය වියානා - සවීනා ආයතනය සමඟ අවබෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය හා (වියානා - සවීනා) ආයතනය සමඟ විශේෂ අවබෝධතා ගිවිසුමක් අද (04) නාරාහේන්පිට පිහිටි වෘත්තීය පුහුණු අධිකාරිය ප්‍රධාන කාර්යාලයේදී අත්සන් කළේය. 04 March 2020
ලක්ෂ 10 ක තේක්ක දැව ප්‍රවාහනය කළ දෙදෙනෙකු අත්අඩංගුවට බලපත්‍ර රහිතව ප්‍රවාහනය කරමින් තිබූ තේක්ක දැව තොගයක් සමඟ එම දැව ප්‍රවාහනයට යොදාගත් ලොරි රථයක් හා සැකකරුවන් දෙදෙනෙකු අද (04) බිබිල උඩුබුබුල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්බව මොණරාගල පොලිසිය කියයි. 04 March 2020
සිසුන්ට මත්කුඩු විකිණු අයෙකු කොහුවලදී අත්අඩංගුවට කොහුවල ප්‍රදේශයේ උසස් පෙළ පාසල් දරුවන් ඉලක්ක කරගෙන මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පුද්ගලයකු මත්කුඩු පැකට් තොගයක් සමඟ අද (4) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පවසයි. 04 March 2020
රිය අනතුරකින් 6 ක් රෝහලේ බණ්ඩාරවෙල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් අද (4) සවස හපුතලේ උඩ විහාරගල දී පාරෙන් ඉවතට පැන කණ්ඩියක හැපීමෙන් එහි ගම ගත් 6 දෙනෙකු තුවාල ලබා හපුතලේ දිසා රෝහලට ඇතුළත් කළ බව හපුතලේ පොලිසිය කියයි. 04 March 2020
උඩවෙල පාසලේ දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට හඟුරන්කෙත අධ්‍යාපන කලාපයේ මප/හඟු/උඩවෙල ද්විතීයික පාසලේ අභිනවයෙන් ඉදිකරන ලද දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත්කිරීමේ උත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධනත්වයෙන් පැවැත්විණි. 04 March 2020
විදුලි රැහැනක ගැටී සිව්දරු පියා මරුට හිඟුරක්ගොඩ, හයේ කණුව ප්‍රදේශයේ පිහිටි සිය නිවෙසේ ඇද තිබූ අනාරක්ෂිත විදුලි රැහැනක ගැටී විදුලිය සැර වැදීමෙන් 72 හැවිරිදි සිව්දරු පියෙකු අද (04) මරුමුවට පත්වී ඇතැයි හිඟුරක්ගොඩ පොලීසිය කියයි. 04 March 2020
තංගල්ල රෝහලේ බාහිර රෝගී අංශයේ කලබලයක් තංගල්ල මූලික රෝහලේ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන ඇතැම් රෝගීන්ට රෝහලට ඇතුළු වීමට ඉඩ නොදෙන බව කියමින් අද (4) රෝගීහු පිරිසක් තංගල්ල මූලික රෝහල ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරුණහ. 04 March 2020
ඇටම්පිටිය වතුයායේ වර්ජනයක් මල්වත්ත වැවිලි සමාගමට අයත් ඇටම්පිටිය වතුයායේ සියලුම වතු කම්කරුවන් කිසිදු වෘත්තීය සමිති භේදයකින් තොරව අද (4) වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ. 04 March 2020
බස්රථයක් පෙරැළී සිව්දෙනකු රෝහලේ බද්දෙගම ඇල්පිටිය මාර්ගයේ අගලිය, ඉනිමංකඩ පාලම ආසන්නයේ බස්රථයක් පල්ලමකට පෙරැළී යාමෙන් මගීන් 4 දෙනෙකු තුවාල ලබා බද්දේගම රෝහලට ඇතුළත් කළ බව බද්දේගම පොලිසිය කියයි. 04 March 2020
වෑන් රථයක් හදිසියේ ගිනි ගනී බදුල්ල සුවිනීතගම ප්‍රදේශයේදී අද (04) අලුයම මාර්ගයක් අසළ නවතා තිබූ වෑන් රථයක් ගිනිගත් බව බදුල්ල පොලිසිය කියයි. 04 March 2020
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026