(දයාරත්න ඇඹෝගම)
රජයේ විශ්‍රාමිකයන්ගේ අහිමි කළ වැටුප් වහා ලබාදෙන ලෙස ඉල්ලා විශ්‍රාමිකයන්ගේ හිමිකම් සුරැකීමේ සංවිධානය අද(06) අනුරාධපුර ඩී. එස්. සේනානායක වටරවුම ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වුහ.
විශ්‍රාමිකයන්ගේ හිමිකම් සුරකිමේ සංවිධානයයේ ජාතික සංවිධායක මහින්ද ජයසිංහ මහතා මෙසේ පැවසීය.
“2016 ජනවාරි 01 වැනි දින සිට 2020 ජනවාරි 01 දින දක්වා රජයේ සේවයෙන් විශ්‍රාම ගිය එක්ලක්ෂ දහඅට දහසකට වැඩි පිරිසකගේ විශ්‍රාම වැටුප් ප්‍රදාන පත්‍රයේ ඔවුනට ලැබිය යුතු නියමිත විශ්‍රාම වැටුප පැහැදිලිව සඳහන් වෙනවා.
ඒ අනුව මේ වැටුප ලබා දෙන්න 2019 දෙසැම්බර් මස 10 වැනි දින චක්‍රලේඛනයක් නිකුත් කළා (35/2019). එසේ තිබියදි මේ ආණ්ඩුව 2020 ජනවාරි 20දා නැවත චක්‍රලේඛනයක් නිකුත් කළා මේ වැටුප අහිමි කරන්න. මේක බලවත් අසාධාරණයක්. මේ දේ කරන්න ඉඩ තියන්න බැහැ. මේ හේතුව නිසා අපි පසුගිය පෙබරවාරි 06 වනදා කොළඹදී උද්ඝෝෂණ්‍යක් පවත්වලා පාගමනකින් ගිහින් ජනාධිපති ලේකම් කාර්යාලයට සංදේශයක් බාරදුන්නා.
දැන් අපට උත්තරයක් එවලා තියෙනවා ඒ සංදේශයේ අඩංගු කරුණු රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට යොමුකළා කියලා. නමුත් මේක රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ගත්ත තීරණයක් නොවෙයි. මේ තීරණය ගත්තේ අමාත්‍ය මණ්ඩලය. ජනවාරි 02 වැනිදා තමයි මේ අමාත්‍ය මණ්ඩලය තීරණය ගත්තේ. ඒ නිසා මේ අහිමි කරපු විශ්‍රාම වැටුප වහාම ලබාදිය යුතුයි. අවුරුදු පහක් පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප් හිමිකම් ලබාදෙන ආණ්ඩු වසර 30-40ක් රාජ්‍ය සේවයේ නිරතවු විශ්‍රාමිකයන්ගේ වැටුප අහිමිකිරීම සම්බන්ධයෙන් ලැජ්ජා විය යුතුයි” යැයි මහින්ද ජයසිංහ මහතා පැවසීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
අහිමි කළ විශ්‍රාම වැටුප් ඉල්ලා අ’පුරේ විරෝධතාවක්