(අනීෂා මානගේ)
තංගල්ල මූලික රෝහලේ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන ඇතැම් රෝගීන්ට රෝහලට ඇතුළු වීමට ඉඩ නොදෙන බව කියමින් අද (4) රෝගීහු පිරිසක් තංගල්ල මූලික රෝහල ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරුණහ.
තංගල්ල මූලික රෝහලේ බාහිර රෝගී අංශයේ සායන කටයුතු බදාදා සහ සිකුරාදා යන දිනවලදී සිදුකෙරෙන අතර එලෙස බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි ඇතැම් රෝගීන්ට රෝහලට ඇතුළු වීමට රෝහලේ ආරක්ෂක අංශයේ නිලධාරීන් අවස්ථාව ලබා නොදීම නිසා රෝගීහු කලහකාරී ලෙස හැසිරුණහ.
රෝගීන් පවසන්නේ තමන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා අලුයම් කාලයේ සිට රෝහල අසල රැඳී සිටියද තමන්ට ඒ සඳහා අවස්ථාව ලබා නොදෙන බවයි. මේ හේතුවෙන් ඇතැම් රෝගීන් ආරක්ෂක අංශයේ නිලධාරීන් සමඟ මෙන්ම රෝහලේ පරිපාලන නිලධාරීන් සමඟ බහින්බස් වූහ.
කෙසේ වුවද ඇතැම් රෝගීන් පවසන්නේ තමන් අළුයම් කාලයේ සිට රෝහල අසල රැඳී සිටියද තමන්ට පසුව පැමිණෙන ඇතැමුන්ට තමන්ට කලින් ප්‍රතිකාර ලබා දෙන බවයි. මේ හේතුවෙන් උරණ වූ ඇතැමුන් රෝහල අසල කලහකාරී ලෙස හැසිරුණහ.
අප මේ සම්බන්ධයෙන් තංගල්ල මූලික රෝහලේ පරිපාලන නිලධාරී සී.එන්.ජයසේකර මහතාගෙන් කළ විමසීමේදී ඔහු පැවසූයේ, තංගල්ල මූලික රෝහලට පැමිණෙන රෝගීන්ට සිදුවන අපහසුතාව සම්බන්ධයෙන් සලකා බලා සියලුම රෝගීන්ට ප්‍රතිකාර ලබා ගැනීමට නියමිත කාලසටහනක් ලබා දී ඇති බවයි.
වසරේ සෑම මසකම එක් දිනයක් සහ නියමිත වේලාවක් වෙන් කර ලබා දී ඇති අතර එම වේලාවට පැමිණි සියලුම රෝගීන්ට රෝහලේ ප්‍රධාන ගේට්ටුව අසලදී අංකයක් ලබා දී රෝහලට ඇතුළු කරගන්නා බවයි.
එසේ පැමිණෙන රෝගීන්ට මිනිත්තු 30ක් වැනි කෙටි කාලයක් ඇතුළතදී කිසිදු රස්තියාදුවකින් තොරව ප්‍රතිකාර ලබා ගෙන පිටව යා හැකි බවද කීවේය. මෙම අංක ලබා දීමේ ක්‍රමවේදය මගින් රෝගීන්ට බෝවන රෝගවලින් ආරක්ෂා වීම, පෝලිම්වල සිටීමෙන් සිදුවන අපහසුතා මඟහරවා ගැනීම, නිකරුනේ රෝහල තුළ රැඳී සිටීමෙන් වැළකී සිටීමට හැකි වන බවද හෙතෙම පැවසීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
තංගල්ල රෝහලේ බාහිර රෝගී අංශයේ කලබලයක්