(ඩී.කේ.රත්න)
ඇල්ල, බොන්දිලිගල කඳුවැටියේ අද(06) හදිසියේ ඇතිවූ ගින්නක් පැතිරයමින් පවතින බව ඇල්ල පොලිසිය කියයි.
මේ වන විට අක්කර 5ක පමණ භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.
ඇල්ල දුම්රිය මාර්ගයට ඉහළින් කඳුවැටියේ මෙම ගින්න හටගෙන ඇතැයිද, ගින්න නිවාදැමීම සඳහා දැඩි අසීරු තත්වයක් මතුවී ඇතැයි පොලීසිය කියයි.
කිසියම් පුද්ගලයෙකු මෙම කඳුවැටියට ගිනි තබන්නට ඇතැයි පොලීසිය සැකකරයි.
මෙම ගින්න දුම්රිය මාර්ගයට නොදී නිවාදැමීමට ඇල්ල පොලීසිය හා ප්‍රදේශවාසීහු එක්ව දැඩි වෙහෙසක් දරමින් සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd