(ක.ග.කරුණාරත්න )
හිඟුරක්ගොඩ, හයේ කණුව ප්‍රදේශයේ පිහිටි සිය නිවෙසේ ඇද තිබූ අනාරක්ෂිත විදුලි රැහැනක ගැටී විදුලිය සැර වැදීමෙන් 72 හැවිරිදි සිව්දරු පියෙකු අද (04) මරුමුවට පත්වී ඇතැයි හිඟුරක්ගොඩ පොලීසිය කියයි.
ඒ අනතුරින් මිය ගොස් ඇත්තේ හිඟුරක්ගොඩ, හයේ කණුව, හිඟුරක්ගොඩ දමන ලිපිනයේ පදිංචිව සිටි විශ්‍රාමික කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයකු වන කිරිබණ්ඩා රත්නායක (72) යන අයයි.
හෙතෙම සිය ගෙවත්තේ පිහිටි වතුර මෝටරයක් ක්‍රියාත්මක කරවීම සඳහා අනාරක්ෂිත විදුලි රැහැනක් එයට සම්බන්ධ කිරීමට යාමේදී විදුලිය සැරවැදී තිබෙන බව පොලීසිය සිදුකළ විමර්ශන වලදී අනාවරණයවී තිබේ. හිඟුරක්ගොඩ පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.

2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
විදුලි රැහැනක ගැටී සිව්දරු පියා මරුට