(ක.ග.කරුණාරත්න )
හිඟුරක්ගොඩ, හයේ කණුව ප්‍රදේශයේ පිහිටි සිය නිවෙසේ ඇද තිබූ අනාරක්ෂිත විදුලි රැහැනක ගැටී විදුලිය සැර වැදීමෙන් 72 හැවිරිදි සිව්දරු පියෙකු අද (04) මරුමුවට පත්වී ඇතැයි හිඟුරක්ගොඩ පොලීසිය කියයි.
ඒ අනතුරින් මිය ගොස් ඇත්තේ හිඟුරක්ගොඩ, හයේ කණුව, හිඟුරක්ගොඩ දමන ලිපිනයේ පදිංචිව සිටි විශ්‍රාමික කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයකු වන කිරිබණ්ඩා රත්නායක (72) යන අයයි.
හෙතෙම සිය ගෙවත්තේ පිහිටි වතුර මෝටරයක් ක්‍රියාත්මක කරවීම සඳහා අනාරක්ෂිත විදුලි රැහැනක් එයට සම්බන්ධ කිරීමට යාමේදී විදුලිය සැරවැදී තිබෙන බව පොලීසිය සිදුකළ විමර්ශන වලදී අනාවරණයවී තිබේ. හිඟුරක්ගොඩ පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd