( අධිකරණ උපාලි ආනන්ද)
අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ඉෂාක් රහුමාන් මහතාගෙන් රුපියල් කෝටියක කප්පම් මුදලක් ලබා ගැනීමට තැත් කර ඉන් රුපියල් ලක්ෂ පහක මුදලක් ලබා ගනිද්දි අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශණ අංශය මගින් අත් අඩංගුවට ගෙන රිමාන්ඞ් බාරයට පත් කර සිටින සැකකරුවෙකු ඇප මත මුදා හරින්නැයි නීතිඥයෙකු කළ ඉල්ලීමක් කැකිරාව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් නිලත්ත විමලරත්න මහතා ප්‍රතික්ෂේප කළේය.
ඒ අනුව සැකකරු තවදුරටත් මේ මස 12 වන දින දක්වා රිමාන්ඞ් කරන ලෙසට නියෝග කළ විනිසුරු විමලරත්න මහතා මෙම සිද්ධිය පිලිබදව සිදු කෙරෙන විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ලබන 12 දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට නියෝග කරනු ලැබීය .
මෙසේ තවදුරටත් රිමාන්ඞ් කලේ ගල්කිරියාගම පුබ්බෝගම පදිංචි මොහොමඞ් මවාස් රිස්වාන් නැමැති සැකකරුවෙකි
පැමිණිලිකාර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ඉෂාක් රහුමාන් මහතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් නීතිඥ අනුරුද්ධ විජේරත්න මහතා සදහන් කළේ තම සේවාදායකයාගේ දේශපාලන ජීවිතය විනාශ කරන බවට තර්ජනය කරමින් මෙම සැකකරු ඔහුගෙන් රුපියල් ලක්ෂ 100 පමණ මුදලක් කප්පම් වශයෙන් ඉල්ලා අති බවයි.
පසුව පැමිණිලිකරු මේ බව පොලිසිය දැනුම්වත් කර සැකකරු අත් අඩංගුවට ගැනීමේ අරමුණින් රුපියල් ලක්ෂ 100 රුපියල් ලක්ෂ 5 මුදලක් සැකකරුට ලබා දෙද්දි පොලිසිය මගින් ඔහු අත් අඩංගුවට ගත් බවද අධිකරණයට කියා සිටි නීතිඥවරයා සැකකරුට ඇප ලබා නොදෙන්නැයිද අධිකරණයෙන් අයැද සිටියේය.
සැකකරු වෙනුවෙන් අධිකරණයට කරුනු දක්වමින් නීතිඥ විජිත වික්‍රමනායක මහතා ඉල්ලා සිටියේ සැකකරු ඔනෑම ඇප කොන්දේසියක් මත මදා හරින ලෙසයි.
පැමිණිල්ල වෙනුවෙන් අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිති පොලිස් පරීක්ෂක පී එස් චන්ද්‍රසිරි මහතාගේ උපදෙස් මත එම කොට්ඨාශයේ නිලධාරීන් පෙනී සිටියේය . අගතියට පත් පාර්ශවයේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතිඥ අනුරුද්ධ විජේරත්න මහතාත් සැකකරු වෙනුවෙන් නීතිඥ විජිත වික්‍රමනායක මහතාත් පෙනී සිටියේය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
අ‘පුර හිටපු පා.ම ගෙන් කප්පම් ගත් සිද්ධියේ සැකකරු යළි රිමාන්ඩ්