(සමන් පාලිත නානායක්කාර)
ශ්‍රී පාද කඳු රක්ෂිතයට මායිම්ව පිහිටි වාලමලේ කන්දේ දින දෙකක් පුරා පැතිර ගිය මහා ගින්නක් අද (29) අලුයම වන විට සම්පූර්ණයෙන්ම මැඩ පැවැත්වීමට හැකිවූ බව නුවරඑළිය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
ශ්‍රී පාද අඩවියේ ලක්ෂපාන වත්ත ප්‍රදේශයෙන් ඇරඹී තිබූ මෙම ගින්න ලක්ෂපාන වත්ත, වන රක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් රක්ෂිතය සහ වනජීවී දෙපාර්තමේන්තුව අයත් රක්ෂිත ප්‍රදේශයේ පැතිර ගොස් අක්කර සිය ගණනක් විනාශ වූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
එහි සයිප්‍රස් කැලෑවේ කොටසක්ද මෙම ගින්නෙන් විනාශ වී ඇති බව කියයි.
පවතින වියළි කාලගුණය සහ සුළං සමග ගින්න වේගයෙන් පැතිර ගිය බවත් නල්ලතන්නිය පොලීසියේ නිලධාරීහු, යුද හමුදාව, ආපදා සහන නිලධාරීහු එක්ව ගින්න මැඩපැවැත් වුව ද ශ්‍රීපාද කන්දට යාව පිහිටි වාල මලේ කන්දේ ඉහළ දැඩි බෑවුම් සහිත ප්‍රදේශයේ ගින්න නිවීම සඳහා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා මගින් ජලය ඉසීම කළ බව නුවරඑළිය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ නිමල් බණ්ඩාර මහතා පැවසීය.
මෙම ගිනිගැනීම් හේතුවෙන් වටිනා ගස් කොළන් හා සත්ව විශේෂ රැසක් විනාශ වූ බව පරිසරවේදීහු පෙන්වා දෙති.
දැඩි පරිශ්‍රමයක් දරා ගින්න නිවා දැමීම හේතුවෙන් ශ්‍රී පාද අඩවියට ගින්න පැතිරී ඇති වීමට ගිය තවත් මහා විනාශයක් වලකා ගත හැකි වූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
වාලමලේ කන්දේ ගින්නක් නිවාදමයි