IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


නල්ලතන්නිය කසළ අංගනයේ හටගත් ගින්න පාලනය කරයි

(රංජිත් රාජපක්ෂ)

                       
නල්ලතන්නිය පොලිස් වසමට අයත් රිකාටන් ෆයිනස් වන වගා රක්ෂිතයේ සහ නල්ලතන්නිය රිකාටන් කසළ අංගනයේ අද (1)  හටගත් ගින්න දැඩි පරිශ්‍රමයක් දරා  පාලනය කිරිමට සමත් වූ බව නල්ලතන්නිය පොලිසියේ ස්ථනාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ලක්සිරි ප්‍රනාන්දු මහතා පැවසීය.

නල්ලතන්නිය පොලිස් වසමට අයත් රදපුට්ටු වත්ත මායිමෙන් (1) දින දහවල් 12 ට පමණ හටගත් ගින්න හැටන් වන අඩවි කාර්යයාලය යටතේ පාලනය වන ෆයිනස් වන වගා රක්ෂිතය දෙසට පැතිර ගොස් තිබිණි.

ෆයිනස් වන වගා රක්ෂිතය දක්වා පැතිර යමින් තිබු ගින්න මස්කෙළිය ප්‍රාදේශීය සභාව මගින් නල්ලතන්නිය රිකාටන් ප්‍රදේශයේ පවත්වාගෙන යන කැළි කසළ ප්‍රතිචක්‍රිකරණ ස්ථනයේ කසළ අංගනය දක්වා ද පැතිර ගොස් තිබිණි.

නල්ලතන්නිය පොලිසියේ නිලධාරින් , වන අඩවි කාර්යයාලයේ නිලධාරින් , වතු කම්කරුවන් , කසල අංගනයේ කම්කරුවන් එක් ව පැතිර යමින් තිබු ගින්න පාලනය කලද කසල අංගනයට අවිලුණු ගින්න පාලනය කිරිමට අසිරු නිසා හැටන් දික්ඔය නගර සභාවේ ගිනි නිවන ඒකකයේ සහයෝගය ලබා ගනිමින් කසළ අංගයේ පැතිර ගිය ගින්න සහ දුමාරය ද පාලනය කිරිමට සමත් වූ බවද නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපතිවරයා පැවසීය.

රිකාටන් ෆයිනස් වගා රක්ෂිතයේ හටගත් ගින්නෙන් අක්කර 15 ක පමණ කොටසක් ගිනිගෙන විනාශ වී ඇති බව නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපතිවරයා වැඩි දුරටත් කියා සිටියහ.

කිසියම් පිරිසක් වන වගා රක්ෂිතයට ගිනි තබන්නට ඇති බව ගින්න සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන නල්ලතන්නිය පොලිසිය සැකකරයි.



අදහස් (0)

නල්ලතන්නිය කසළ අංගනයේ හටගත් ගින්න පාලනය කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31833 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14294 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11166 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 233 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1173 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 334 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site