(ඩී.කේ.රත්න )
වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ කුඩාඔය අලියකන්ද ප්‍රදේශයේදී විදේශීය සංචාරකයින් ප්‍රවාහනය කරමින් තිබූ සුඛෝපභෝගී බස් රථයක හැපීමෙන් අද (27) පාසල් සිසුවියක් මියගොස් ඇතයි තණමල්විල පොලීසිය පැවසීය.
කිතුල්කොටේ විද්‍යාලයේ හතර වසර ඉගෙනුම ලබන ඌව කුඩාඔය පතානයාය අංක තිස්හතර ලිපිනයේ පදිංචි එස්.ඒ.රංජනා නෙත්මි නැමති නව හැවිරිදි දැරියක් මෙම අනතුරින් මියගොස් තිබේ.
මෙම දැරිය පාසල නිමවී නිවසට පැමිණෙමින් සිටියදී ඇල්ල නගරයේ සිට තිස්සමහරාම දක්වා සංචාරකයින් ප්‍රවාහනය කළ බස් රථයක හැපීමෙන් මෙම දැරිය මියගොස් තිබේ.
මෙම අනතුරින් කුපිත වූ ප්‍රදේශවාසීන් විසින් මෙම බස් රථයට පහරදී දැඩි අලාභහානි සිදු කර ඇතයි පොලීසිය කියයි.
මෙම අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරු තණමල්විල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
තණමල්විල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ටී.එම්.කරුණාතිලක මහතාගේ උපදෙස් පරිදි තණමල්විල පොලීසියේ රථවාහන අංශයේ නිළධාරීහු විසින් මේ පිළිබදව පරීක්ෂණ සිදු කරති.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
බසයේ හැපී සිසුවියක් මරුට
ravi Thursday, 27 February 2020 02:12 PM
ප්‍රදේශවාසීන්ට මම ඉතාමත් ස්තුතිවන්ත වෙනවා. නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් , අපි නීතිය අපේ අතට ගන්න ඕනේ.