(විජේරත්න රත්නායක )
පෙට්‍රෝලියම් සමාගමේ අනුමැතිය නොමැති ලිහිසි තෙල් සහ ග්‍රීස් වර්ග අලෙවි කිරීම සම්බන්ධයෙන් බදුල්ල, බණ්ඩාරවෙල, වැලිමඩ සහ හපුතලේ යන නගරවල ඉන්ධන පිරවුම්හල් සහ වෙළඳසැල් හිමියන් 08 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය පියවර ගෙන තිබේ.
එම කාර්යාලයේ නිලධාරීන් සිදුකරන ලද විශේෂ සෝදිසියකට අනුව බණ්ඩාරවෙල නගරයේ අලෙවිකරුවන් සිව්දෙනෙකුට සහ වැලිමඩ නගරයේ අලෙවිකරුවන් දෙදෙනෙකුට බදුල්ල සහ හපුතලේ නගරවල අලෙවිකරුවෙකුට මෙසේ නඩු පැවරීමට පියවර ගෙන ඇත.
බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ඌව පළාත් ප්‍රධානී කේ.ජී.දයා සමරකෝන් යන මහත්ම මහත්මීන්ගේ උපදෙස් මත එම අධිකාරියේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරී අමිල රත්නායක මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන නිලධාරීන් වන ඒ.එම්.ඒ.බී.දිසානායක, ආර්.එම්.එන්.එම්.ගුණරත්න, ඒ.ආර්.එම්.ෆස්ලි, එස්.එම්.නජාත්, එන්.එම්.රිෆ්කි, එම්.මුත්තුසිවනු යන නිලධාරීන් දාළ වැටලීම් සිදුකර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය අනවශ්‍ය නීතියකි. සුදුසු ආරක්‍ෂිත ගබඩාවක් තිබෙයැයි සහතිකයක් අදාල පළාත් සභා ආයතනයෙන් සහතික කරන්නේ නම් ඕනෑම අයෙකුට විකිණීමට හැකියාව තිබිය යුතුය. ඔවුන් වෙනත් දේ මිශ්‍රකර විකුනන්නේනම් එය සෙවීම පාරිබෝගික අධිකාරියේ වගකීමකි.