(කුෂාන් ජයවර්ධන)
තිරප්පනේ නාච්චාදූව ප්‍රදේශයේ දී වන සංරක්ෂණ දෙපාරතමේන්තුවේ නිලධාරීන් පිරිසකට අද (24) මැර ප්‍රහාරයක් එල්ල වී තිබේ.
පහරකෑමට ලක් වූ වන නිලධාරීන් දෙදෙනෙකු මේ වනවිට ප්‍රතිකාර සඳහා අනුරාධපුර මහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පැවසීය.
මෙලෙස මැර ප්‍රහාරයට ලක්ව ඇත්තේ කැකිරාව අඩවි වන කාර්යාලයට අනියුක්තව සේවය කළ බීට්ටු වන නිලධාරියක් සහ වන ක්ෂේත්‍ර සහකාරවරයෙකි.
තිරප්පනේ නාච්චාදූව ප්‍රදේශයේ පිහිටි වන සංරක්ෂණ දෙපාරතමේන්තුවට අයත් රක්ෂිතයක් අනවසරයෙන් එළිපෙහළි කරන බවට ලද තොරතුරක් අනුව වන සංරක්ෂණ නිලධාරීන් එම ප්‍රදේශයට ගොස් තිබේ.
එහිදී රක්ෂිතය එළිපෙහළි කරමින් සිටි සැකකරුවෙක් සමඟ ට්‍රැක්ටර් රථයක් වන සංරක්ෂණ දෙපාරතමේන්තුවේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු සහ ට්‍රැක්ටර් රථය එම ස්ථානයෙන් රැගෙන යාමට කටයුතු කළ අවස්ථාවේදී තවත් පිරිසක් එම ස්ථානයට කඩාවැදී වැටලීම සිදුකළ වන නිලධාරීන්ට පහර දී අත්අඩංගුවේ සිටි සැකකරු සහ ට්‍රැක්ටර් රථය ද රැගෙන පලා ගොස් තිබේ.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මේ වනවිට හඳුනාගෙන ඇති බව පොලිසිය කීය.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට තිරප්පනය පොලිසිය විශේෂ පොලිස් මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
අඩවි වන නිලධාරීන් පිරිසකට මැර ප්‍රහාරයක්
mahinda Tuesday, 25 February 2020 01:09 AM
හරි... වැඩ පටන් අරන් වගේ.