(තුසිත කුමාර ද සිල්වා)
අලුත්ගම සහ දර්ගානගරයේ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආකාරයෙන් ආහාර අලෙවි කළ ආපනශාලා 18ක හිමිකරුවන් අද(25) අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළ බව කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යාතන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්. ජී. සිංහබාහු මහතා පවසයි.
කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ ප්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය, බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යන ආයතනවල මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් කළ වැටලීමකදී මෙසේ නඩු පවරා තිබේ.
ආපනශාලා සහ උත්සව ශාලා 50කට අධික සංඛ්‍යාවක් වටලමින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ බවද සිංහබාහු මහතා කියයි.
මෙම වැටලීමේදී අලුත්ගම නගරයේ ඉතා පිරිසිදුව පවත්වාගෙන ගිය ප්‍රධාන අපනශාලා දෙකක් මාසයක කාලයකට වැසීමට කටයුතු කිරීමට අධිකරණය වෙත යොමු කර ඇත.
බොහෝ ආපනශාලාවල අමු මස් වර්ග සමඟ අයිස්ක්‍රීම් ගබඩා කිරීම, පුවත්පත්වල ඔතා ආහාර ගබඩා කිරීම, පිසූ ආහාර එකට තැබීම, වසර ගණනක් පැරණි පිසීමේ වළං හා හට්ටි ආදී භාවිතා කිරීම, අපිරිසිදු ලෙස ආහාර සැකසීම, අපිරිසිදු තත්වයේ ජලය භාවිත කර ආහාර පිසීම, රසායනික ද්‍රව්‍ය බහාලු ප්ලාස්ටික් බැරල් තුළ ජලය ගබඩා කර තිබීම වැනි කරුණු සැලකිල්ලට ගෙන මෙම හෝටල් අවන්හල හා උත්සව ශාලා හිමිකරුවන් අධිකරණයට පැමිණවීමට කටයුතු කරන බව ඒ මහතා සඳහන් කරයි.
මෙම වැටලීමට කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ ප්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර් ජී සිංහබාහු ,කළුතර ප්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.පී.සී රෝහණ ,බේරුවල ප්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක මුදිත අමරසිංහ ඇතුළු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වන උමේක ,ගිහාන්, මාලින්ද යන මහත්වරු ඇතුළු 35දෙනෙක් මෙම මෙහෙයුමට එක්වූහ.



2025 නොවැම්බර් මස 04
844
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2487
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1784
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අලුත්ගම- දර්ගා නගරයේ ආපනශාලා 18කට නඩු