IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ මුල් පුටුව පළමු වරට කාන්තාවකට

(ඩී.ජී.සුගතපාල)
 
ලංකාවේ පැරණිම දෙපාර්තමේන්තුව වන මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ 50 වැනි සර්වේයර් ජනරාල්වරිය ලෙස ශ්‍යාමලි චිත්‍රලේඛා  පෙරේරා මහත්මිය පත්ව ඇත.
 ඒ මහත්මිය හෙට (26) වැඩබාර ගැනිමට නියමිතය.

ක්‍රි.ව. 1800 දී ඉංග්‍රීසීන් විසින් ප්‍රථමයෙන් ශ්‍රී ලංකාවෙහි  ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙහි සර්වේයර්  ජනරාල් ධුරයට පත්වන ප්‍රථම කාන්තාව ඇය වීමද විශේෂත්වයකි.
 
 1961 වර්ෂයේ ජුලි මස 16 වන දින බණ්ඩාරගමදී  සහෝදර සහෝදරියන් සය දෙනෙකුගෙන් යුත් පවුලක තෙවැන්නා ලෙස උපත ලද ඇයගේ මව්පිය දෙදෙනාම විදුහල්පතිවරු වෙති.
 
කොළඹ දේවි බාලිකා විදුහලෙන් අධ්‍යාපනය ලැබූ ඇය පාසල් සමයේදී දීප්තිමත් ශිෂ්‍යාවක් මෙන්ම මලළ  ක්‍රීඩාවෙන්ද දීප්තිමත් ක්‍රීඩිකාවක් වුවාය.  පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උසස් අධ්‍යාපනය හැදෑරු ඇය ප්‍රථම පන්තියේ භෞතික විද්‍යා ගෞරව උපාධිධාරිනියකි. 
 
ඇය 1985.03.01 දින මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙහි සහකාර මිනින්දෝරු අධිකාරිවරියක ලෙස දියතලාව මැනුම් හා සිතියම්ගත කිරීමේ පුහුණු ආයතනයේදී තම වෘත්තීය ජීවිතය ආරම්භ කළාය.
 
1991 වසරෙහි රාජ්‍ය කළමනාකරණ පශ්චාත් උපාධිය සඳහා නෙදර්ලන්තයේ අයි.ටී.සී. විශ්ව විද්‍යාලයට ඇතුලත්විය.  1993 දී භෞතික විද්‍යාව , ශුද්ධ ගණිතය හා ව්‍යවහාරික ගණිතය යන විෂයයන් සදහා දැක්වූ ඉහළ දක්ෂාතා වෙනුවෙන් ආචාර්ය කුමාරස්වාමි ත්‍යාගය ද දිනාගත් ඇය  බිම්සවිය ලෙසින් කා අතරත් ජනප්‍රිය දීපව්‍යාප්ත ව්‍යාපෘතියේ නව මුලිකත්වයද ගෙන කටයුතු කර ඇත.
 



අදහස් (2)

මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ මුල් පුටුව පළමු වරට කාන්තාවකට

එච්.ඒ.අමරතුංග Tuesday, 25 February 2020 11:11 PM

බොහොම සන්තෝෂයි. මෙම කීර්තිමත් නිලය අභීතව හෙබවීමට එතුමියට ශක්තිය, ධෛර්‍ය්‍යය හා සියල්ලන්ගේම සහයෝගය ලැබේවායි මම පතමි.

:       0       0

නෙවිල් Wednesday, 26 February 2020 05:31 AM

සුබ ගමන් ! හැකිනම් ඔබගේ ‍සේවා කාලය තුළ බිම්සවිය ව්‍යාපාතිය අවසන් කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 844 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2487 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1784 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site