(දිලීප් ජයසේකර)
හම්බන්තොට ධීවර වරායට විකිණීමට හෙරොයින් මත්කුඩු රැගෙන යමින් සිටි පුද්ගලයකු මාතර හම්බන්තොට දිසා වැටලීම් ඒකකයේ නිළධාරීන් විසින් අද (21) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ රාජපක්ෂ මාවත, සාමෝදාගම, හම්බන්තොට ලිපිනයේ පදිංචි 30 හැවිරිදි සැකකරුවෙකි.
අත්අඩංගුවට පත් සැකකරු කාලාන්තරයක් තිස්සේ හම්බන්තොට ධීවර වරායෙන් මුහුදු යන ධීවරයින්ට හෙරොයින් මත්කුඩු අලෙවි කිරීමේ ජාවාරමේ නිරත වුවෙකු බව මුලික පොලිස් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී තිබේ.
සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 490 ක් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු අධික ලෙස හෙරොයින් සඳහා ඇබ්බැහි වී සිටින පුද්ගලයකු බවත් ඒ හේතුව නිසාම බිරිඳ සැකකරු අතහැර ගොස් ඇති බවත් පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd