(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල අතුපාරයාය බුලන්වල නිවසක් පිටුපස නිධානයක් ගැනීම සඳහා පොළොව කැණීම් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනකු අද(20) දින පස්වරුවේ දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර කටුගස්තොට පදිංචිකරුවෙකු සහ නිධන් ලබා ගැනීම සඳහා ගුරුකම් කිරීම කටයුතු සිදු කළ ගම්පහ කපුවෙකු බව පොලිසිය කියයි.
නිධානය හැරීම සඳහා පිරිස පැමිණි වෑන් රථය ද පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව තිබේ.
අතුපාරයාය බුලන්වල බොරළු ඉඩමක් අසන්නේ නිධානයක් ඇති බවට කාලයක සිට ලැබුණු තොරතුරක් මත මෙම පිරිස පැමිණ බැකෝ යන්ත්‍ර යොදාගෙන පොළොව හාරා කළුගල් කඩා නිධන් ලබා ගැනීම සඳහා අද(20) සූදානම් වී ඇතැයි පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd