(ප්‍රසාද් රුක්මල් )
ඌව පළාතේ ගුරු විභාගය සමත් රැකියා විරහිත උපාධිධාරීන් (19) අද පස්වරුවේ ඌව පළාත් සභා පරිශ්‍රයට ඇතුලු වී බිම වාඩිවී උපවාසයක නිරතව සිටියහ .
රැකියා විරහිත උපාධිධාරීන්ට කඩිනමින් රැකියා ලබා දෙන ලෙස ඉල්ලා මොහුන් මෙසේ පළාත් සභා පරිශ්‍රයට ඇතුළු වී උපවාසයක නිරත වූහ .
ඌව පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් 2019 වසරේ පැවැත්වූ ගුරු විභාගයෙන් උපාධිධාරීන් 1500ක් පමණ සමත් වූ බවත් ,මෙතෙක් තමන්ට රැකියා නොලැබුණු හෙයින් කඩිනමින් රැකියා ලබා දෙන ලෙස ඉල්ලා මොවුහූ උපවාසයේ නියැලුණහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd