IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


ලක්ෂ 6 ක මත්කුඩු සමඟ තරුණයකු අත්අඩංගුවට

(ඉන්දිකා රාමනායක)

රුපියල් ලක්ෂ 6 ට ආසන්න  වටිනා මත්කුඩු පැකට් 500 ක් සමඟ 19 හැවිරිදි තරුණයකු  මාලිගාවත්ත කෙත්තාරාම හංදියේ දී කොළඹ මධ්‍යම  කොට්ඨාස දුෂණ මර්දන  ඒකකයේ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සතුව හෙරොයින් ග‍්‍රෑම් 30 ට ආසන්න ප‍්‍රමාණයක් තිබී ඇති අතර ඔහු  ඒවා කුඩා පැකට් වශයෙන්  පොලිතින් උරවල දමා  තිබූ බවද පොලිසිය පවසයි.

තොටගල පදිංචි මෙම සැකකරු මත්කුඩු තොගය මාලිගාවත්තේ ජාවාරම්කරුවකු වෙත ලබා දීමට යතුරු පැදියෙන් පැමිණෙන බවට පොලිසියට ලැබුණු තොරතුරක් අනුව  වැටලීම සිදුකළ බව පොලිසිය සඳහන් කරයි.

සැකකරුගෙන් මෙම මත්කුඩු  ලබා ගනීමට නියමිතව සිටි මාලිගාවත්තේ සැකකරු සම්බන්ධයෙන් හෙළි වූ තොරතුරු අනුව පොලිසිය සැකකරුගේ නිවසට යන අවස්ථාවේ දී සැකකරු නිවෙසේ දොරවල් වසා  පැන ගොස් තිබූ බවද පොලිසිය කියයි.

 



අදහස් (0)

ලක්ෂ 6 ක මත්කුඩු සමඟ තරුණයකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 845 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2488 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1786 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site