(රංජිත් රාජපක්ෂ)
බස් රථයකට යටවී පොලිස් කොස්තාපල්වරයෙක් අද (20) ජීවිතක්ෂයට පත්වී ඇති බව මස්කෙලිය පොලිසිය පැවසීය.
මෙම අනතුර සිදුවී ඇත්තේ මස්කෙලිය නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයේ මවුස්සාකැලේ පොලිස් මුරපොල අසලදීය.
අනතුරින් ජීවිතක්ෂයට පත්වී ඇත්තේ පොලිස් ජිවිත ආරක්ෂක බලකායේ සේවයේ නියුතු 40 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකි.
මියගිය පොලිස් කොස්තාපල්වරයා කැබතිගොල්ලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් මැදවච්චිය පොලිසියේ රාජකාරියේ නිරතව සිට ශ්‍රී පාද විශේෂ රාජකාරි සඳහා අද (20) මස්කෙලිය පොලිසිය වෙත වාර්තා කර ඇති බවත් පොලිසිය කීය.
මස්කෙලියේ සිට නල්ලතන්නිය දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයකින් රාත්‍රී රාජකාරී සඳහා මවුස්සාකැලේ පොලිස් මුරපොල වෙත ගමන් කර ඇත.
පොලිස් කොස්තාපල්වරයා බස් රථයෙන් බැස පොලිස් මුරපොල වෙත ගමන් කරන අවස්ථාවේ ඔහු පැමිණි බස් රථයටම යටවී ජිවිතක්ෂයට පත්වී ඇති බව මස්කෙලිය පොලිසිය කීය.
පෞද්ගලික බස් රථයේ රියදුරා පොලිස් මුරපොල අසල දී මගීන්ව බස්සවා අධික වේගයෙන් පොලිස් මුරපොල පසු කර බස් රථය නතර කිරීමට උත්සහ කිරීමේදී මාර්ගයේ ගමන් කළ පොලිස් කොස්තාපල්වරයා යට කරගෙන බස් රථය ධාවනය කර ඇති බව මස්කෙලිය පොලිසිය සඳහන් කළේය.
බස් රථයට යට වූ පොලිස් කොස්තාපල්වරයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වී ඇති අතර පොලිස් කොස්තාපල්වරයාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මස්කෙලිය ප්‍රදේශීය රෝහලේ තැන්පත් කර ඇති බව පොලිසිය කීය.
2025 නොවැම්බර් මස 04
845
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2488
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1786
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බස් රථයකට යට වී පොලිස් කොස්තාපල්වරයෙක් මරුට
latha Friday, 21 February 2020 03:32 AM
බස් වලට ටිපර් වලට කිසිම වේග සීමාවක් නැහැ. කිසි කෙනෙක් ඒවා ගැන බලන්නෙත් නැහැ. අහිංසක ජීවිත කොච්චර කියලා නැති වෙනවද? ලංකාවේ විතරයි මේවා වෙන්නේ. පුදුමේ ඒකයි