( රංජිත් රාජපක්ෂ )
බෝපත්තලාව රජය ගොවිපලට බටහිර බැවුමේ පිහිටි බෝපත්තලාව කදුවැටියේ බගවන්තලාව ලින්ස්ටඩ් වතු යායට ඉහලින්අද (21) දහවල් පමණ ගින්න හටගෙන තිබේ.
බගවන්තලාව ප්‍රදේශයේ සිට බෝපත්තලාව රජයේ ගොවිපොල වෙත පිවිසමට ඇති අඩි පාරක්ද මෙම කදුවැටිය හරහා පිහිටා ඇත.
එම මාර්ගය ඔස්සේ බෝපත්තලාව රජයේ ගොවිපල දෙසට පිවිස අයෙකු විසින් මෙම ගිනි තැබිම සිදු කරන්නට ඇති බවට බගවන්තලාව පොලිසිය සැකකරයි.
බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතා කියා සිටියේ බෝපත්තලාව කදුවැටියේ හටගෙන ඇති ගින්න පාලනය කිරිමට බගවන්තලාව පොලිසියේ නිලධාරින් පිරිසක් මේ වන විට කදුවැටිය වෙත යොමු කර ඇති බවයි.
මේ අතර වටවල ෆයිනස් වගා රක්ෂිතයට ගිනි තැබු සැකකරුවෙක් ඊයේ (20) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව වටවල පොලිසිය පැවසිය.සැකකරු විසින් වන වගා රක්ෂිතයට තැබු ගින්න හේතුවෙන් එම රක්ෂිතයේ විශාල වන වගා කොටසක් ගිනිගෙන විනාශ වි ඇති අතර එම වන වගා රක්ෂිතය හරහා වටවල පොලිසිය වෙත පානිය ජලය ලබා ගත් ජල නලද ගින්නෙන් විනාශ වි ඇති බව වටවල පොලිසිය පැවසිය.
සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවද වටවල පොලිසිය පැවසිය.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
බෝපත්තලාව කඳුවැටියේ ගින්නක්