( නයනජිව බන්ඩාර)
වැල්ලවාය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හළක සේවකයකු ලෙස කටයුතු කරමින් රුපියල් 8,620,000 ක් වංචා කළ පුද්ගලයකු අත්අඩංගුවට ගැනිමට විමර්ශනයක් ආරම්භ කළ බව මොණරාගල අපරාධ විමර්ශන අංශය පවසයි.
වැල්ලවාය හපුතලේ පාර පෞද්ගලික ආයතනයක හිමිකරු වන සෝමසුන්දරම් කේදීස්වරන් පිල්ලේ යන ව්‍යාපාරිකයා කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර තිබේ.
මෙම සැකකරු කලක් මෙම පැමිණිලිකරුට අයත් වෛද්‍ය මධ්‍යස්ථානයේ සේවය කර ඇති බවත් ඉන් ඇති වූ විශ්වාසයට සැකකරු පැමිණිලිකරුට අයත් ඉන්ධන පිරවුම් හළක සේවයට යොදවා තිබී ඇති බවත් මේ පිළිබඳව විමර්ශන කටයුතු කරන පොලිස් නිලධාරියකු අප කළ විමසිමකදි කිය.
සැකකරු බුත්තල ලණුගල කොලනියේ පදිංචිකරුවකු බව පොලිසිය පවසයි.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ඉන්ධනහළකින් ලක්ෂ 86 ක් වංචා කළ සේවකයකු අත්අඩංගුවට ගන්න විමර්ශන