(ඩී.ජී.සුගතපාල)
ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩුවක චුදිත වෙනුවට වෙනත් අයෙකු ලෙස පෙනී සිටීම සම්බන්ධයෙන් වරද පිළිගත් අයෙකු ලබන මස 5 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (20) නියෝග කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබුවේ මොහොමඩ් ආබ්දීන් මොහොම්ඩ් රිස්කි නැමැත්තෙකි.
කල් ඉකුත්වූ ඖෂධ අලෙවි කිරිම සම්බන්ධයෙන් ගාල්ල වක්වැල්ල පාරේ ඖෂධ ශාලාවක හිමිකරු වන සි.ඩී.යද්දෙහිගේ නමැති අයට පාරිභෝගික අධිකාරිය විසින් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබිණි.
පසුව එම නඩුව කැඳවු අවස්ථාවේ විත්තිකරු වෙනුවට එහි සේවකයකු වන සැකකරු අධිකරණයේ පෙනි සිටි ඇත.
සැකකරු වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නිතිඥ සිසිර විරසුරිය මහතා සමඟ නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ මහතා පෙනී සිටියේය.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
අන් අයෙකු ලෙස පෙනී සිටි අයෙකු රිමාන්ඩ්