(ජයන්ත සමරකෝන්)
සිවිල් ආරක්ෂක බළකාය හැරගිය භටයින් හා භටවරියන්ට නැවත බාරවීම සඳහා නිවේදනය කළ පොදු සමාකාලය තුළ 7310 ක් සිය කැමැත්ත පළ කර ඇතැයි එම දෙපාර්තමේන්තුව පවසයි.
මෙවැනි පොදුසමා කාලයක් ප්‍රකාශයට පත්කර ඇත්තේ ප්‍රථම වරටය. සිවිල් ආරක්ෂක බළකා 21 ක් යටතේ මේ සඳහා නැවති බැදීමට කැමැත්ත පළ කර අයදුම්පත් ඉදිරිපත් කර ඇතැයි එහි මාධ්‍ය ප්‍රකාශක කර්නල් රත්නසිංහ මහතා අද (21) පැවසීය.
ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් මත මේ පිළිබඳ ඉදිරි කටයුතු සිදුවන බවද හෙතෙම කීය.
මෙම ඉල්ලුම්පත් අතරින් නැවත බඳවා ගැනීමට සුදුසු පුද්ගලයින් තෝරා ගැනීම සඳහා එම අයදුම්පත් ප්‍රධාන කාර්යාලය වෙත ගෙන්වා ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
අයදුම්පත් බාරගැනීම හෙට (22) අවසන් වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
පොදු සමාකාලයේ දී 7310 ක් සිවිල් ආරක්ෂක බළකායට බාරවෙන්න කැමති වෙති