IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


මනුෂ්‍ය ඝාතනයකට අයෙකුට මරණ දඬුවම

(නයනජිව බන්ඩාර)

වයස අවුරුදු 12 ක පිරිමි දරුවෙකුට පොල්ලකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියකට වරදකරු වූ අයෙකුට මොණරාගල මහාධිකරණ විනිසුරු එන්.ටී.එන් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය අද (19) මරණ දඬුවම නියම කළාය.

වසර 27 ක දිර්ඝ නඩු විභාගයකින් අනතුරුව  මහාධිකරණ විනිසුරුවරිය මෙම තීන්දුන්ව ලබාදුන්නේය.

මෙසේ මරණ දඬුවම නියම වුයේ හම්බෙගමුව ජනපදයේ පදිංචි ආර්.එම් මුතුබංඩා නැමැති 63 හැවිරිදි පුද්ගලයෙකුටය.

1993 වසරේ ජුනි මස 23 දින හෝ ඊට ආසන්න දිනයකදී හම්බෙගමුව ජනපයේ පදිංචිව සිටි නලීන් ප්‍රියදර්ශණ නැමති 12 හැවිරිදි දරුවෙකුට පොල්ලකින් පහරදී ඝාතනයට ලක්කිරීම විත්තිකරුට එල්ල වූ චෝදනාවයි.

තණමල්විල පොලිසිය විත්තිකරුට එරෙහිව චෝදනා තුනක් යටතේ මොණරාගල මහාධිකරණයේ අධිචෝදනා ගොනුකර තිබුණි.

ජූරි සභාවක් ඉදිරියේ පැවති මෙම නඩු විභාගය දින අටක් අඛණ්ඩව විභාගයට ගැනුණි.මෙහිදි ජූරි සභාව විත්තිකරුට එරෙහිව තිබූ සියලු චෝදනාවන්ට විත්තිකරු වැරදිකරු ලෙස තීරණය කළහ.

විත්තිකරුට ඇති පළමු චෝදනාවට මරණ දඬුවම නියමකළ මහාධිකරණ විනිසුරුවරිය,දෙවැනි චෝදනාවට වසර 05ක සිර දඬුවම ක්ද, රුපියල් 20,000 ක දඩයක්ද නියම කළාය.

විත්තිකරු එම දඩමුදල් නොගෙවන්නේ නම් තවත් වසරක සිර දඬුවමක් නියම කරන බව විනිසුරුවරිය ප්‍රකාශ කළාය. ඊට අමතරව විත්තිකරුට එරෙහි තෙවැනි චෝදනාවට වසරක සිරදඩුවම් නියමකළ මහාධිකරණ විනිසුරු නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය රුපියල් 1000 ක දඩමුදලක්ද එය නොගෙවන්නේ නම් තවත් මාස 03ක සිරදඩුවමක්ද විත්තිකරුට නියම කළාය.

විත්තිකරුට මෙම චෝදනාවන්ට එවකට මොණරාගල මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා මරණ දඩුවම නියමකළද විත්තිකරු එම තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණයට ඈපැලක් ඉදිරිපත්කර මෙම නඩු තීන්දුව ජූරි සභාවක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස ඉල්ලා සිටියේය.

මෙම නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ ජෙහාන් ගුණසේකර මහතා පෙනීසිටි අතර විත්තිය වෙනුවෙන් නීතිඥවරුන් සිවි දෙනෙක් පෙනීසිටියහ.

 

 



අදහස් (1)

මනුෂ්‍ය ඝාතනයකට අයෙකුට මරණ දඬුවම

Kamal Koyrala Thursday, 20 February 2020 07:24 AM

ආර්.එම් මුතුබංඩා මහතාට සුබ විශ්‍රාම සමයක්, අවුරුදු 27 ක් සේවා කාලයකට පසු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 845 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2488 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1786 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site