(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම අටුලුගම එපිටමුල්ල ප්‍රදේශයේ නීතිවිරෝධී අයුරින් පවත්වාගෙන ගිය ගව ඝාතකාගාරයක් වටලා මරා දමා තිබූ ගවයකුගේ මස් සමඟ සැකකරුවන් දෙදෙනකු අද (21) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය පවසයි.
එම සැකකරුවන් සමඟ මැරීමට සුදානම් කර සිටි මී ගවයකු හා තවත් එල ගවයකු- තියුණු ආයුධ හා කඹ ඇදි උපකරණ රැසක් පොලිසිය බාරයට ගෙන ඇත.
බණ්ඩාරගම පොලිසියට ලැබුණු තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ගව ඝාතකාගාරයක් වටලා සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට