(තුසිත කුමාර ද සිල්වා)
බේරුවල මොරගල්ල හෝටලයක සිටි සංචාරකයින් දෙදෙනෙකු ගුවන්තොටුපළ වෙත රැගෙන යාමට පැමිණි සංචාරක සමාගමක රියදුරෙකුට එම හෝටලය ඉදිරිපිට රථ ගාලේ රියදුරන් බව කියන පුද්ගලයන් තිදෙනෙකු අද (21) පහරදී ඇතැයි අලුත්ගම පොලිසිය කියයි.
පහරකෑමට ලක්වූ රියදුරා අලුත්ගම රෝහලට ඇතුළත් කර ඇතැයි ද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.
පහරකෑමට ලක්ව ඇත්තේ ඕ. ඩබ්ලිව් රසික නැමැති අයෙකු බව පොලිසිය කීය.
හෝටලය ඉදිරිපිට රථගාලේ රියදුරන්ට හැර වෙනත් අයට විදෙස් සංචාරකයින් රැගෙන යාමට නොහැකි බව කියමින් තමාට පහරදුන් බව පහරකෑමට ලක් වූ රියදුරා අලුත්ගම පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්වේ.
පහරදුන් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට අලුත්ගම පොලිසිය පරීක්ෂණ පවත්වන බව අලුත්ගම පොලිසියේ නිලධාරියෙකු පැවසීය.
COMMENTS
මෙන්න මේ කුලී රථ මාෆියාව වහාම නවතා දැමිය යුතුයි. කුලී රථ කරුවන් හිතු හිතු ගණන් අයකරන නිසා තමයි මේ ගොඩක් අය ඇප් හරහා රථ ඇනවුම් කරන්නේ. සාධාරණ මිලකට අපි කැමති වාහනයක ගමනක් යන්නවත් බැරිනම් මොකටද ඒ රටට නීතියක්..
නිතිය අතට ගන්න මෙවැනි මැරයින්ට විරුද්ධව වහාම නීතිමය ක්‍රියාමාර්ග ගෙන අනිත් යටත් ආදර්ශයක් ලෙස දැඩි දඩුවම් දෙන්න. නැත්නම් මේ රට හදන්න බෑ
බස් රියදුරන්ට පස්සේ ඉන්න අය තමයි ත්‍රීවීල් පදින අය, ඒ අයගෙත් තියෙන්නේ මාෆියා කල්ලිවල ලක්ෂණ.
මේ ගැන ආණ්ඩුවෙන් හොයනේ නැත්ද ? මෙහෙම ගියොත් අපේ රට සංචරයෝන්ට එපා ම කරලා දාවි මේ අය.
මේක දැන් පුරුද්දකට ගිහින්. හෝටල් ගාව ඉන්න ත්‍රීවීල් රියදුරන් සංචාරක කර්මාන්තයම විනාශ කරනවා. මීට කලින් එක සංචාරකයෙක් තමුන්ගේ ගමන් මල්ලේ නැවත ලංකාවේ ත්‍රීවීල් වල යන්නේ නැහැ කියලා ලියාගෙනම ගියා. ඕනෑම සංචාරකයෙක්ට අයිතිය තියෙනවා තමුන් කැමති වාහනයක් කුලියට ගන්න. එකට විරුද්ධවෙන්න ඔය කාටවත් බැහැ.