IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


පොලිසිය යැයි කියා ඇවිත් මුදල් - රන් භාණ්ඩ කොල්ලකාලා

(මොහොමඩ් ආසික්)

පොලිස් නිලධාරීන් බව පවසමින් නිවෙස්වලටගොස් කොල්ල කෑමේ යෙදී සිටි මහා පරිමාණ මංකොල්ල කල්ලියක සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව අලවතුගොඩ පොලිසිය පැවසීය.

කොල්ල කෑම සඳහා යොදා ගත් රිවෝල්වරයක් , අත් විලංගු  , කඩු සහ පිහි ඇතුළු ආයුධ තොගයක්ද සොයා ගත්බව පොලිසිය කීය.

අලවතුගොඩ පල්ලියකොටුව බටුගොඩ ප්‍රදේශයේ නිවසකට පැමිණ තමන් රහස් පොලිසියෙන් බව පවසා නිවස පරීක්ෂා කළ යුතු බවත් ඒ සඳහා සහාය දෙන ලෙසත් නිවැසියන්ගෙන් ඉල්ලා පසුව නිවැසියන්  ඒ සඳහා ඔවුන්ට  අවස්ථාව ලබා දුන් පසුව  එම නිවස පරීක්ෂා කරන මුවාවෙන් නිවසේ තිබූ රුපියල් 29,50,000 ක  මුදල් සහ රුපියල් 25,20.000 ක් වටිනා රන් භාණ්ඩද කොල්ල කෑම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ පොලිසිය සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී මෙම මංකොල්ලවල තොරතුරු පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

මෙම නිවසින් කොල්ල කෑ බව කියන මුදල්වලින් රුපියල් ලක්ෂ පහක පමණ මුදලක්ද පොලිසියසොයා ගෙන තිබේ.

මෙම  සැකකරුවන්  මෙවැනි මහා පරමාණයේ මංකොල්ල කෑම් රැසක් සිදුකර ඇති බවත් මෙහිදී අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වලදී  ඔවුන් සතුව තිබී පොලිසිය භාවිතා කරනු ලබන රිවෝල්වරයක්, කඩු දෙකක්, රම්බෝ පිහි දෙකක්, පොලිසිය භාවිතා කරන මාංචු කුට්ටම් දෙකක්, බැටන් පොල්ලක්, ජංගම දුරකථන හයක්,  ඩීවීආර් යන්ත්‍රයක් , ඉපැරණි බුද්ධ ප්‍රතිමා වහන්සේලා තුන් නමක්  ඇතුළු දේපළ  සොයාගත් බව පොලිසිය කීය.

කුලියට ලබා ගන්නා ලද එකම වර්ගයේ වෑන් රථ දෙකක් මෙම කොල්ලය සඳහා යොදා ගෙන ඇති අතර එයින් එක් වාහනයක් ඔත්තු බැලීම සඳහා යොදා ගෙන ඇත අතර අනෙක්  වෑන් රථයෙන් පැමිණ ඔවුන් කොල්ල කෑම සිදුකර තිබේ.

මෙම කොල්ලය සඳහා පැමිණ බව කියන තවත්  පුද්ගලයින් තිදෙනෙකු සහ ඉතිරි මුදල්ද සොයා ගැනීම සඳහා අලවතුගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි.

 

 



අදහස් (0)

පොලිසිය යැයි කියා ඇවිත් මුදල් - රන් භාණ්ඩ කොල්ලකාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 18 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1542 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1673 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site