(අනීෂා මානගේ)
රන්න රුවිනිගම ප්‍රදේශයට දින හතරක් තිස්සේ නල ජලය නොලැබුණේ යැයි කියමින් අද(10) ගම්වාසීහු පිරිසක් විරෝධතාවක නිරත වූහ.
භාජන අතැතිව පැමිණි පිරිස ඒවා කොළඹ - කතරගම ප්‍රධාන මාර්ගයේ තබමින් රන්න ප්‍රදේශයේදි මාර්ගය අවහිර කරමින් විරෝධතාවට එක්ව සිටියහ.
දින හතරක් තිස්සේ රන්න රුවිනිගම ප්‍රදේශයට නල ජලය නොලැබීම හේතුවෙන් තමන් ඉමහත් අසීරුතාවට පත්ව ඇතැයි විරෝධතාකරුවෝ පැවසූහ.
හුංගම පොලිස් ස්ථානයේ නිලධාරීහු එහි පැමිණ මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරත වූ ගම්වාසීන් ප්‍රධාන මාර්ගයෙන් ඉවත් කිරීමට කටයුතු කළහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd