IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


මොරගහකන්ද- කළුගඟ ව්‍යාපෘතියේ නැවත පදිංචිවූ ජනතාව විරෝධයක

(කාංචන කුමාර ආරියදාස)
 
මොරගහකන්ද සහ කළු ගඟ ජලාශවලට ඉඩම් ලබා දුන් ජනතාවට මෙතෙක් සාධාරණයක් ඉටු වී නැතැයි පවසමින් නැවත පදිංචිවූවෝ පිරිසක් අද(10) දඹුල්ල  මහියංගනය ප්‍රධාන මාර්ගයේ ලග්ගල හරිත නගරය මධ්‍යයේ පාර වසාගෙන විරෝධතාවයක නිරත වූහ.
 
ගොවිතැන් සහ දෛනික පරිහරණය සඳහා ජලය නොමැති වීම, අනු පවුල් සඳහා සාධාරණ වන්දි මුදලක් නොමැතිවීම, වාණිජ ඉඩම් ලබාදී බදු මුදල් අයකිරීම, වසර 7ක පමණ කාලයක සිට තවමත් වියළි සලාක ආහාරයෙන් ජීවත් වීමට සිදුවීම සහ තවත් කරුණු රැසක්  මුල් කර ගනිමින් ඔවුහු විරෝධතාවයේ නිරත වූහ.
 
මහියංගණය-දඹුල්ල ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමන කටයුතු ලග්ගල හරිත නගරයේ පිවිසුමේ පිහිටි කළු ගඟ පාලම උඩින් අවහිර කිරීමටද ඔවුහු ක්‍රියා කළහ.
 
දඹුල්ල පොලිස් අධිකාරි ගාමිණී මීගහකුඹුර මහතා මෙය සාකච්ඡාවක් මගින් විසඳා ගන්නාතුරු ප්‍රධාන මාර්ගයේ එක් පසක් වාහන ගමනාගමනයට විවෘත කරන දෙන්නැයි පැවසීය.
 
විරෝධතාකරුවන් මෙහිදී පොලිස් අධිකාරිවරයාට කියාසිටියේ වසර ගණනාවකට ඉහතදී රටේ භාගයකගේ සා ගිනි නිවන්නට විශාල ජලාශයක් ඉදිකරන්නට තම ගම්බිම් ගේදොර ඉඩකඩම් සියල්ල ලබාදුන්නද තවමත් වසර 8 ක පමණ කාලයක සිට බොහෝදෙනෙකු පැල්පත්වාසීන් ලෙස ජීවත්වන බවය. මහවැලි නිලධාරීන් සමග කඩිනමින් සාකච්ඡාවක් ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා බව පොලිස් අධිකාරීවරයා උද්ඝෝෂකයන් වෙත කියා සිටියේය.  
 
වර්තමාන රජයට කිසිදු විරෝධතාවයක් එල්ල නොකරන බවත් ආණ්ඩු විරෝධී විරෝධතාවයක් නොවන බවත් උද්ඝෝෂකයෝ මෙහිදී පැවැසූහ.
 
කෙසේ වෙතත් මෙදින දහවල් වනතුරුත් මහවැලි නිලධාරියෙකු හෝ වගකිවයුතු බලධාරියෙකු නොපැමිණීම නිසා උද්ඝෝෂකයෝ මාර්ගයේ එක් පසක් වසාගෙන විරෝධතාවයේ නිරතව සිටියහ.

 



අදහස් (0)

මොරගහකන්ද- කළුගඟ ව්‍යාපෘතියේ නැවත පදිංචිවූ ජනතාව විරෝධයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 15 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 862 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2494 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site